2026-08-18
mediahumanrights.lk
Local NewsNews

ලංකාගම සිංහරාජය නැරඹීමට යන සංචාරකයින්ට ආරක්ෂාව සහ පහසුකම් නැහැ

සිංහරාජ වනාන්තරයට ලංකාගම පිවිසුමෙන් පැමිණෙන සංචාරකයින්ට ප්‍රමාණවත් පහසුකම් නොමැති බවට පැමිණිලි ලැබී ඇත. මේ අතර, මෙම ප්‍රදේශයේ දිය ඇලි නැරඹීමට යන සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට චෝදනා එල්ල වේ.

ලංකාගම පිවිසුම් මාර්ගයෙන් කෙටිම කාලයකින් දිය ඇලි හතක් නැරඹිය හැකි අතර, දේශීය හා විදේශීය සංචාරකයින් අතර මෙම ප්‍රදේශය ජනප්‍රිය වී ඇත. මෙම දිය ඇලි හා බැඳුණු ජනප්‍රවාද ද සිත්ගන්නාසුළුය. කෙසේ වෙතත්, දිය ඇලි අවට අනතුරුදායක බව පිළිබඳව සංඥා පුවරු නොමැති අතර, ගමන් මාර්ග ද අවදානම් සහගතය. හදිසි අනතුරක් සිදුවුවහොත් තුවාලකරුවෙකු රැගෙන යාමට ප්‍රථමාධාර කණ්ඩායමක් හෝ උපකරණ නොමැත.

දේශීය සංචාරකයින්ගෙන් රුපියල් 125 ක් සහ විදේශීය සංචාරකයින්ගෙන් රුපියල් 1,245 ක් අය කළ ද, සපයනු ලබන පහසුකම් ප්‍රමාණවත් නොවන බව සංචාරකයින්ගේ අදහසයි. ලංකාගම වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා සති අන්තයේ සේවයට නොපැමිණෙන අතර, සති අන්ත නිවාඩු දිනයක අනතුරක් සිදුවුවහොත් සංචාරකයෙකුට නෙළුව රෝහලට යාමට සිදුවේ.

ප්‍රදේශයේ සංචාරක මාර්ගෝපදේශකයින් ‘සිංහරාජ සුමිතුරෝ’ නමින් සංවිධානයක් පිහිටුවාගෙන සිටියත්, ඔවුන්ගේ සේවය නියාමනය කිරීමට නිල ක්‍රමවේදයක් නොමැත. ලංකාගම පිවිසුම පිළිබඳ නිල රාජ්‍ය වෙබ් අඩවියක් හෝ තොරතුරු දැනගැනීමේ ක්‍රමවේදයක් නොමැතිවීම ද තවත් ගැටලුවකි.

Related posts

රතන සූත‍්‍රය දේශනාකරන්නැයි අගමැති සියලූ විහාරස්ථානවලින් ඉල්ලයි

Shiran Viraj

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ සටනක් අරඹයි

Shiran Viraj

මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ මියයයි

Shiran Viraj
Translate »