27.8 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

ගොඩබිමට ගෙන එන්නත් කලින් මීගමුවේදී රුපියල් කෝටි දෙකකට අලෙවි වූ අති දුර්ලභ මත්ස්‍යයා (PHOTOS)

ඉතාමත් දුර්ලභ ගණයේ මතස්‍ය විශේෂයක් වන බ්ලු ෆින් ටූනා මතස්‍යයෙකු මිගමුවේ ධීවරයන්ට පසුගිය දා හසුවී ඇති බවට වාර්තා වෙනවා.
කිලෝ 230කටත් වඩා බරකින්යුත් මේ ටූනා මතස්‍යයාගේ  වෙළඳපල වටිනා කම රුපියල් කෝටි දෙකත් ඉක්මවන බව මීගමුව ධීවර සකසුරුවම් කේන්ද්‍රයේ සමාජිකයෙකු කියා සිටියා.
ඉතා වටිනා කමකින් යුතු බ්ලු ෆින් ටූනා මතස්‍යයා රැගත් බෝට්ටුව ඊයේ රාත්‍රියේදි මීගමුව මංකුලිය වෙත ළඟා වී තිබු බව එම සාමාජිකයා වැඩිදුරටත්
සඳහන් කළා.
ලංකාවේ බහුලව හසුවන ටූනා මතස්‍ය විශේෂය යෙලෝ පින් ටූනා ලෙසින් හදුන්වන අතර බ්ලු ෆින් ටූනා යනු ඉතාමත් දුර්ලභ විශේෂයක් වෙනවා.
සමාන්‍යයෙන් ලංකාවේ මුහුදු කලාපය තුල දකින්නට නොලැබුනද නවසිලන්තය වැනි මුහුදු කලාපයන් හි බහුල මේ මතස්‍ය විශේෂය සිටින බවත් ජංගම දුරකථනයකින් කරන ලද ගනුදෙනුවකින් මීගමුව මුහුදේ සිට ගොඩ බිමට ගෙන ඒමටත් පෙර බහු දින යාත්‍රාවක් තුලදි කෝටි දෙකකට වඩා වැඩි මිලකට මෙම මතස්‍යා අළවි වී ඇතැයි වාර්තාවෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ 50 ඉක්මවයි

Shiran Viraj

ශ‍්‍රීලනිප මූලස්ථානයේ කාර්යාලයකට සිල් තියයි…

Shiran Viraj

හිටපු ජනපති ඩීබී විජේතුංගගේ දියණිය හදිසියේ මියයයි

Shiran Viraj
Translate »