2026-08-08
mediahumanrights.lk
Local NewsNews

දින 50කට ආසන්නව වසා තිබුණු සරසවි අද යළි ඇර‍ඹෙයි

අනධ්‍යයන සේවක වර්ජනය හේතුවෙන් දින 50කට ආසන්න කාලයක් වසා තැබුණු මෙරට සියලු විශ්වවිද්‍යාල අද(17) දිනයේ යළි විවෘත කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අනධ්‍යයන සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර එයට අදට දින 48ක් ගත වෙයි.
කෙසේ වෙතත් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ප්‍රථම සේවකයින්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර දැක්වීමට බලධාරීන් සමත් වූ අතර ඒ අනුව අද දිනයේ සිට යළි විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේය.
මේ අතර සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් අනතුරුව අද දිනයේ සිට විශ්වවිද්‍යාල කටයුතු ගැටලුවකින් තොරව සිදුකිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

කාසල්රි, මවුස්සාකැලේ අඩියටම බහී… යටවූ නටබුන් රැසක් මතුවේ..

Shiran Viraj

නව ව්‍යවස්ථාව වසරකින් ගේනවා – අධිකරණ ඇමති අවුරුදු දෙකේ කාල රාමුව වෙනස් කරයි

Shiran Viraj

මැයි මාසෙන් පස්සේ වෙනස කරනවා..

Shiran Viraj
Translate »