26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

එකක් සීයයි..! කලක් තිස්සේ පාසල් දරුවන් ඉලක්ක කරගෙන වෙනස් විදියට කරපු බිස්නස් එකක්.

අපේ රටේ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ව නොමගට ගැනීමට බොහෝි පිරිසක් උත්සාහ කරමින් සිටිනවා. පසුගිය කාලය පුරාවටම විවිධ දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් අසල මත්ද්‍රව්‍ය වැනි දරුවන්ට නුසුදුසු දේවල් අළෙවි කල පුද්ගලියින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබුනා.
එමෙන්ම අද (23) මුලතිව් ප‍්‍රදේශයේ පාසල් සිසුන් ඉලක්ක කරගෙන සිදුකල අසභ්‍ය දර්ශන ඇතුලත් වීඩියෝපට බෙදාහරින ස්ථානයක් නීතියෙ රැහැනට කොටුකරගන්නට හැකියාව ලැබුනා. ඒ මුලතිව් ඔඞ්ඩුසුඩාන් නගරයේදී. මොහු ජංගම දුරකතන අළෙවිකරණ මුවාවෙන් මෙම කටයුත්ත සිදුකරගෙන ගොස් තිබුනා.
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා සතුව තිබී සිංහල හා දමිළ ජාතිකයින්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශ 2000 ක් පමණ සොයාගෙන තිබෙනවා. මේ අතර ඉතා රහසිගතව වීඩියෝගත කරන ලද දර්ශනද තිබී සොයාගෙන තිබෙනවා.
එසේම ඔහු සතුව තිබී මෙම වීඩියෝ දර්ශන ගබඩාකර තිබූ ලැප්ටොප් පරිඝණකයක් සහ ෆ්ලෑෂ් ඩ‍්‍රයිව් දෙකක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.පාසල් දරුවන්ගේ ජංගම දුරකතනයකට අසභ්‍ය දර්ශන ඇතුලත් වීඩියෝවක් ඇතුලත් කිරීම සඳහා මොහු රුපියල් 100 ක මුදලක් අයකර තිබෙනවා. එසේම වෙනත් අය සඳහා  පෙන් ඩ්‍රයිව් වලටද මෙම දර්ශන ඇතුලත් කර ලබා දී තිබෙනවා.
මෙම පුද්ගලයා ඉතා සූක්ෂම ලෙසින් මෙම ව්‍යාපාරය කලක් තිස්සේ කරගෙන ගොස් ඇත්තේ කිසිඳු කෙනෙකුට සැක නොසිතෙන අයුරින්. ඒ අනුව මෙම දර්ශන ඇතුලත් පරිගණකය කොටස් වලට ගලවා තබා ඇති අතර යම් කෙනෙකු පැමිණි විට පර්ගණකය එකලස් කර එම දර්ශන ලබා දී තිබෙනවා.
එසේම මෙම පුද්ගලයා සතු ලැප්ටොප් පරිගණකයද කොටස්වලට ගලවා තබා පාසල් සිසුවෙකු පැමිණි පසු එය එකලස් කර ඔවුන්ට අවශ්‍ය වීඩියෝපට ලබා දී තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පාර්ලිමේන්තු මැතිවරණය ද? ජනාධිපතිවරණය ද?

Shiran Viraj

උත්සව සමයේ සහල් මිල ඉහළ යන ලකුණු

Shiran Viraj

"කසල එකතු කරන්න හමුදාව දෙන්නේ නැහැ"

Shiran Viraj
Translate »