2026-08-11
mediahumanrights.lk
Local NewsNews

විදුලි බලාගාර 4ක වැඩ නවතියි !

ලක්‍ෂපාන ජලාශයේ සිට පොල්පිටිය ජල විදුලිබලාගාරය දක්වා ජලය රැගෙන යන කිලෝ මිටර් 07ක් වු උමං මාර්ගයේ ආරක්‍ෂිත දැලක නඩත්තු කටයුත්තක් හේතුවෙන් විදුලිබලාගාර 04ක විදුලි උත්පාදනය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.
මෙලෙස තාවකාලිකව විදුලි උත්පාදනය නවත්වා ඇත්තේ ලක්‍ෂපාන, නව ලක්‍ෂපාන, කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලගාරවලය.
පෙරේදා (12) රාත්‍රියේ සිට එම උමං මාර්ගයේ ආරක්‍ෂිත දැලේ නඩත්තු කටයුතු සිදුකෙරෙන බව පැවසේ.
කාසල්රි ජලාශයෙන් ජලය ලබාගෙන විදුලි උත්පාදනය කරන විමලසුරේන්ද්‍ර ජල විදුලි බලගාරයේ ජලය විමලසුරේන්ද්‍ර ජලාශයෙන් ඊයේ (13) පස්වරුවේ සිටම කැළණි ගගට වාන් දැමීමට පටන්ගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.‍

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

‘අපි නිරෝධායනේට යනවා.. හැමෝටම ස්තුතියි..’- මාධවී ඇන්තනී නිරෝධායන බසයේ සිට…

Shiran Viraj

ජොන්ස්ටන් ඇප මත නිදහස්…

Shiran Viraj

සුලි කුණාටුව උතුරට කඩා වදී..නිවාස ගණනාවකට දැඩි හානි..අධික වර්ෂාවක්..

Shiran Viraj
Translate »