mediahumanrights.lk
Local News News

මෝටර් රථය ඇලට පෙරළෙයි! මව පියා මරුට දරුවෙක් අතුරුදන්!

මහියංගණය මාපාකඩ ප‍්‍රදේශයේ දී මෝටර් රථයක් ඇළකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් අඹුසැමි යුවළක් මියගොස් තිබෙනවා. ඔවුන්ගේ නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු අතුරුදන් වී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. අනෙක් දරුවා දිවි බේරාගෙන තිබෙනවා. මියගිය සැමියි 43 වන වියේ පසුවූවෙක්. බිරිඳගේ වයස අවුරුදු 40ක්. අතුරුදන් වී සිටින දරුවා 17 වන වියේ පසුවන්නෙක්.
මේ අතර ලග්ගල නවගුරුවෙල ප‍්‍රදේශයේ දී බස් රථයක් ප‍්‍රපාතයකට පෙරළීමෙන් පාසල් ළමයින් 10 දෙනෙකු සහ වැඩිහිටි පුද්ගලයෙකු තුවාල ලැබූවා. මෙම අනතුර සිදුව ඇත්තේ අද පස්වරු 3ට පමණයි. අනතුරට ලක්වූ බස් රථය පාසල් ළමයින් ප‍්‍රවාහනය කිරීම සඳහා මහවැලි අධිකාරිය විසින් යොදවා තිබූ එකක්. තුවාල ලැබූවන් පල්ලේගම සහ මහියංගණය යන රෝහල්වල තවදුරටත් ප‍්‍රතිකාර ලබනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අන්තර් ජාතික බලපෑම් සමනය කරන්න හැකි වුණා

Shiran Viraj

පරාජයන්ගේ අමිහිරි මතකයන් මැද දික්වැල්ලට අද ලෝක වාර්තාවක් බිහි කිරීමේ අවස්ථාව

Shiran Viraj

නව ආසාදිතයින් 164ක්

Shiran Viraj