mediahumanrights.lk
News

පුංචි සක්විති හලාවතින් අල්ලයි

ඉහළ පොලී අනුපාතයක් ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගෙන රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකුව හලාවත කොට්ඨාස වංචා විමර්ශණ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – වැල්ල පදිංචිකරුවෙකි.
මේ වන විට මුදල් වංචාවට හසුවූ දෙදෙනෙකු වංචා විමර්ශණ අංශයට පැමිණ තමන්ට සිදුවී ඇති වංචාව සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව දැන ගත් තවත් කීප දෙනෙකුම ඒ සම්බන්ධයෙන් විමසුම් කළ බව විමර්ශණ කටයුතු සිදු කරන නිලධාරියෙකු පැවසීය.
ඒ අනුව සැකකරු කී දෙනෙකුගෙන් කොපමණ මුදලක් වංචා කර ඇද්ද යන්න නිශ්චිතවම අනාවරණය කළ නොහැකි බවද හෙතෙම කියා සිටියේය.
සැකකරුගෙන් තව දුරටත් ප්‍රශ්න කරමින් සිටී.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රට ස්ථාවර වෙනවාට විරුද්ද පිරිසක් විරෝධතා කැදවලා..

Shiran Viraj

බෞද්ධ උපදේශක මණ්ඩලය රැස්වෙයි

Shiran Viraj

මැතිවරණය අවලංගු කිරීම එජාපය රට පුරා සමරයි..සතුට වැඩිකමට කොළඹත් රැළියක්..

Shiran Viraj