2026-09-05
mediahumanrights.lk
Local NewsNews

දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවක්

දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින වලදී තාවකාලිකව අඩුවේ යයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ උතුරු අර්ධයේ සහ දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බවත් උතුරු, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Related posts

රජයේ වැඩපිළිවෙළ ඉදිරියට යාමට නම් පළාත් පාලන ඡන්දෙත් දිනන්න ඔ්නෑ…

Shiran Viraj

බඩු මිල ඉහල යාමෙන් ආණ්ඩුව ගැන ජනතා බලාපොරෝත්තු ගිලිහිලා…

Shiran Viraj

ගමන් කරමින් තිබූ පොලිස් යතුරු පැදියකට ගසක් කඩා වැටේ.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..

Shiran Viraj
Translate »