2026-09-17
mediahumanrights.lk
Local NewsNews

පෙට්‍රල් හිඟයෙන් සංස්ථාවට වාර්තාගත ලාභයක් !

දින කිහිපයක් පැවැති පෙට්‍රල් හිඟය නිසා ඇතිවූ අධික ඉල්ලූම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාව දින හතරක් තුළ රුපියල් ලක්ෂ හාරසිය විසි දෙකක දැවැන්ත ලාභයක් ලබා ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙරට දෛනික පෙට්‍රල් අලෙවිය මෙට්‍රික් ටොන් ලක්ෂ 37ක් වන අතර ඉන් ලක්ෂ 32ක් අලෙවි කරනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසිනි.
ඉතිරි ලක්ෂ පහ අලෙවි කරනු ලබන්නේ ලංකා ඉන්දියන් තෙල් සමාගම විසිනි.
එම දින හතර තුළ සාමාන්‍ය දිනවල නිකුත් කරන පෙට්‍රල් ප්‍රමාණයට වඩා ලීටර් ලක්ෂ 26ක් වැඩි පුර අලෙවි කර ඇති බව පැවසේ.
සංස්ථාව අලෙවි කරනු ලබන පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16ක ලාබයක් ලබන අතර වැඩිපුර අලෙවි කරන ලද ලීටර ලක්ෂ 26න් රුපියල් ලක්ෂ 422ක අධි ලාභයක් සංස්ථාවට හිමිව ඇති බවද වාර්තා වේ.
කෙසේවුවද, මින් ඉදිරියට ඉන්ධන අර්බුදයක් මතු නොවීම සඳහා මාස තුනකට අවශ්‍ය තොග පවත්වාගෙන යෑමට තෙල් සංස්ථාවේ අවධානය යොමුව ඇති බවද වාර්තා වේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ශ‍්‍රී ලංකාවට උපරිම උදවු කරන්නැයි ඇමරිකා ජනාධිපති දන්වයි…

Shiran Viraj

ජනාධිපතිවරණයේදි සජිත් 80%ක් ගන්නවා..

Shiran Viraj

දල වෙඩි තැබීමට ඇල්ලූ කාන්තාව ඇතුළු තිදෙනා අධිකරණයට

Shiran Viraj
Translate »