mediahumanrights.lk
Local NewsNews

එල්.ටී.ටී.ඊ සොහොන් කොත් ප්‍රතිසංස්කරණයට රුපියල් ලක්ෂ හතලිහක්

කිලිනොච්චියේ කනකපුරම් හි එල්.ටී.ටී.ඊ සොහොන් කොත් 97ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් රුපියල් ලක්ෂ හතලිහක මුදල් ප්‍රතිපාදන ලබා දී තිබේ.
ඒ කිලිනොච්චි දිස්ත්‍රික් වැය ශීර්ෂය යටතේ මන්ත්‍රීවරයා වෙත හිමිවු විමධ්‍යගත අරමුදලෙනි. මෙම මුදල මේ සඳහා යෙදවීමට දිස්ත්‍රික් සංවර්ධන කිමිටු රැස්වීමේදී අනුමත වී ඇති අතර ඊට කිලිනොච්චි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ද අනුමැතිය හිමිවී ඇත.
2009 වසරේ විනාශ වූ සොහොන් කොත් 97ක් පෙර තිබූ අයුරින්ම ප්‍රතිසංස්කරණය කිරීමට මෙම මුදල් යොදා ගෙන තිබේ.
එහිදී මන්ත්‍රීවරයා උතුරේ මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ මෙම සෙහොන් කොත් තැනීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති අතර ඒ සඳහා කිසිවෙකුටත් එරෙහිව විමට නොහැකි බවකි. එමෙන්ම සන්නද්ධ අරගල වලදී දිවිපිදූ විරුවන්ගේ ස්මාරක දකුණේ ඕනෑ තරම් තිබෙන අතර උතුරේදී එය නීති විරෝධිකාරියක් වන්නේ කෙසේ දැයි මාධවේදීන්ගෙන් විමසූ මන්ත්‍රී වරයා තම වර්ගයාගේ අයිතිය වෙනුවෙන් දිවි පිදූ විරුවන්ට ගරු බුහුමන් දැක්වීමට දකුණේ ජනතාවට ඇති අයිතිය උතුරේ ජනතාවටද එලෙසින්ම තිබිය යුතු බව අවධාරණය කොට තිබේ.
මෙහිදී පසුගිය කාලයේ ඊළාම් රාජ්‍ය පිළිබඳව අදහස් දැක්වූ ඔහු කියා ඇත්තේ දෙමළ ඊළමක් පිළිබඳව තව දුරටත් කතා කිරීම අර්ථ විරහිත මුත් ශ්‍රී ලාංකීය පුරවැසියන් වශයෙන් දෙමළ ජනතාවගේ අයිතිය පිළිබඳ කතා කිරීමට තමන්ට ශූද්ධ වූ අයිතියක් ඇති බවත් ඒ අයිතීන්ට ශ්‍රී ලංකා රජය සේම සමස්ත ජනතාවගේම යහපත් ප්‍රතිචාර ලැබිය යුතු බවත්ය. ශ්‍රී ලංකාව තුළ ජාතික සමගියක් ගොඩනැගිය හැක්කේ ඒ අයුරින් පමණක් බවද උතුරේ මාධ්‍යයන්ට පවසා තිබේ.

(under the courtesy of hitnews.lk news web)

Related posts

මන්ත්‍රී අජිත් ගිහාන් මහතා තමන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කරයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාව අපෙන් සහාය ඉල්ලා නෑ…- IMF නිල වශයෙන් කියයි…

Shiran Viraj

අපරාධකරුවෙකු අල්ලන්න ගිය පොලිසියට වෙඩි : ඉන්දීය පොලිසියේ 08ක් ජිවිතක්ෂයට

Shiran Viraj
Translate »