29.5 C
Colombo
2026-02-05
mediahumanrights.lk
NewsPolitical

‘‘එයාගේ සීයාගෙ කාලෙලු ඇලෝසියස් එයාට කෝල් කරලා තියෙන්නෙ‘‘ දින 100 න් රට හදනවා කියපු අය තාම කරලා තියෙන්න වැඩ දෙකයි. නාමල් බලපිටියේදී කියපු දේ.

මේ රටේ බන්ධනාගාර හැර  අනෙක් සියළුම සම්පත් වත්මන් රජය විකුණා දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. රාජපක්ෂලා හිරේ දමන්නට අවශ්‍ය නිසා මෙලෙස බන්ධනාගාර විකුණා නොදමන බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙන්වා දෙන්වා. ඔහු මේ පිළිබඳව කියා සිටියේ බලපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින්.
එසේම මෙම අවස්ථාවවේදී පවතින යහපාලන රජය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙසද ප්‍රකාශ කලා.
මේ යහපාලන රජය කප් ගහලා තියෙන්නෙ රටේ සම්පත් විකිණීම සම්බන්ධයෙනුයි. මෙහෙම සම්පත් පිටරටට විකුණපු ආණ්ඩුවක් ගැන අපිනම් කවදාවත් අහලා නෑ.අද මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳම මුළු රම දන්නනවා.මහ බැංකව හොරා කෑවෙ කවුද කියලත් ජනතාව දන්නනවා. අදා අපිට හොරු කියපු අයගෙ කටවල් වැහිලා.අපිට හොරා හොරා  කිවුවට හොරකම් කරපු කිසිම දෙයක් ඔප්පු කරගන්න බැරිවෙලා.
එදා රංජන්,සුජීව,අජිත්ලා වගේ මන්ත්‍රීවරු කිවුවෙ ඇලෝසියස් රාජපක්ෂගෙ ගෝලයෝ කියලා.ඇලෝසියස් නාමල් රාජපක්ෂගෙ යාළුවො කියලත් කිවුවා. අද රටම දන්නවා ඇලෝසියස් කාගෙ යාළුවොද කාගේ ගෝලයොද කියලා. කෝප් කමිටුව ඇතුලෙ පරීක්ෂණ යනකොට  ඇලෝසියස්ගෙන් ඒ කමිටුවේ ඉන්න සමහරුන්ට ඇමතුම් ඇවිල්ලා. සමහර මැති ඇමතිවරුන්ගෙ පවුල්වල අයටත් ඇලෝසියස්ගෙන් කොල් ඇවිල්ලා. හර්ෂණ කියලා තියෙනවා එයාගේ සීයාගෙ කාලෙලු ඇලෝසියස් එයාට කෝල් කරලා තියෙන්නෙ කියලා.
මේ බැඳුම්කර සිද්දියත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් අද අනාථ වෙලා  බොහොම අසරණ වෙලා ඉන්නෙ. පංසලේ පිං පෙට්ටියට අනින මේ ආණ්ඩුවට වැඩ බැහැ. වැඩකරන්න බැරි ආණ්ඩුවකින් මේ රටට ඇති වැඩේ මොකක් කියලා මම ඔයාලගෙන් අහනවා.
දින සීයෙන් අලුත් රටක් කරනවා කියලා ආපු මේ ආණ්ඩුව මොකක්ද කළේ..? රට දියුණු කරා වෙනුවට මහ දවල් බැංකුව සුද්ධ කලා. මේ ආණ්ඩුව කලේ වැඩ දෙකයි. එකක් මන්ත්‍රීවරු 41 ක් එක්ක හිටිය රනිල් අගමැති කලා. අනික් එක තමයි මහ බැංකුව හොරාකාපු එක.
යහපාලන ආණ්ඩුව මාසෙකට දෙකකට සැරයක් අපිට නිවාඩු දෙනවා.ඒ අපිව හිරේ දාලා යහපාලන රජයේ වැරදි වහගන්න. අද යහපාලන රජය නිසා මුළු රටම අනාත වෙලා. මේ හැම දේකටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වගකියන්න ඕන.


(under the courtesy of nethgossip.lk news web)

Related posts

පොලිස් කොමිසමේ සභාපති කරූගේ සුදු රෙදි ගලවයි…

Shiran Viraj

තැපැල් වර්ජනයේ තීරණාත්මක දිනය හෙට

Shiran Viraj

නව ජනාධිපති පත් කිරීම ගැන පොහොට්ටුවේ නිල මතය මෙන්න…

Shiran Viraj
Translate »