26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

'ආවා' කල්ලි නායකයා ඇතුළු 05 දෙනෙක් අත්අඩංගුවට

යාපනයේ ක්රියාත්මක ‘ආවා’ නමැති පාතාල කල්ලියේ නායකයා ඇතුළු සාමාජිකයින් 05 දෙනෙකු පසුගිය මාස 04 තුළ දී අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කර ඇති බව නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පවසයි.
‘ආවා’ කල්ලියේ ප්‍රබල සමාජිකයින් 04 දෙනෙකු ඉකුත් 19 සහ 21 දෙදින තුළ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වූ අතර පසුගිය අගෝස්තු 05 වැනි දා ‘ආවා’ කල්ලියේ නායකයා අත්අඩංගුවට ගනු ලැබී ය.
සැකකරුවන් සමග ත්‍රිරෝද රථයක්, මෝටර් බයිසිකල් 02 ක් , ජංගම දුරකතන 02 ක්, කඩු දෙකක් සහ කිනිසි 02 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිය හා සාමය මහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකගේ උපදෙස් පරිදි මේවන විට ‘ආවා’ කල්ලිය මර්නදය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
(under the courtesy of hitnews.lk news web)

Related posts

උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු වෙයි

Shiran Viraj

රිෂාද් උක් ගොවි ගැටලුව කරට ගනී

Shiran Viraj

ප්‍රශ්ණ වලට බය නැති දුලානි

Shiran Viraj
Translate »