31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsSportsSports News

කෝලි-දික්වැල්ල ගැටෙද්දි චන්දිමාල් නිහඩව සිටි හේතුව හෙළි කරයි

නිරෝෂන් දික්වැල්ල කිසිදු වරදක් නොකළ නිසා, ඔහු හා ඉන්දීය නායක විරාට් කෝලි මෙන්ම තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අතර ඇති වූ වාග් සංග්‍රාමයේ දී තමාට මැදිහත් වීමට අවශ්‍යතාවක් නොවූ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.
දික්වැල්ල එසේ වචන හුවමාරුවක නිරත වෙද්දී අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙමින් සිටි ක්‍රීඩකයා වුයේ දිනේෂ් චන්දිමාල් ය .
නිරෝෂන් අභියෝගවලට කැමති බව පවසන දිනේෂ්, ඔහු වරදක් කළ බව තමන් නොසිතන බවත් ඇතැම් දේ සඳහා ඔහු ප්‍රතිචාර දැක්වූ බවත් කියා සිටියා.
නිරෝෂන් දික්‌වැල්ල පන්දුවට පහර දෙමින් සිටින විට, එක්තරා අවස්තාවක දී ඔහුගේ පා ඉන්නෙන් පිටු පස පන්දු රකින්නන් තුන් දෙනෙකු යොදවා තිබෙනු දක්නට ලැබුනා.එය අන්තජාතික ක්‍රිකට් නීතියට පටහැනි ක්‍රියාවක්.
එසේ පන්දු රකින්නන් තිදෙනකු යොදවා සිටියදීත් පිට ඉන්නට ඇවිද ගොස්‌ ෆයින් ලෙග් කලාපය හරහා දර්ශනීය හයේ පහරක්‌ එල්ල කළ දික්‌වැල්ල , එම පන්දුව නීති විරෝධී පන්දුවක් ලෙස නම් කරන්නැයි විනිසුරුවරයාට සිහිපත් කර දුන්නා.
නිරෝෂන් දික්‌වැල්ල සහ ඉන්දියානු කණ්‌ඩායම අතර වාග් ප්‍රහාරයක්‌ ඇති වූ අවස්ථාවේ අනෙක් අන්තයේ සිටි චන්දිමාල් එම ස්ථානයට පැමිණියත් ඔහු එහිදී නිහඬව සිටි අයුරු දක්නට ලැබුනා.
චන්දිමාල් කියා සිටින්නේ ඉන්දියාව සමග කොල්කටා ඊඩ්න් ගාර්ඩ්න් හී පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයේ දී පරාජය නොවී සිටීමට දැඩි අධිෂ්ඨානයකින් සිටි බවයි.
“පකිස්ථානය සමග තරගාවලියේ දී වගේම, මේ තරගාවලියටත් හැම දෙනාටම ජයග්‍රහණය පිළිබඳව දැඩි මානසිකත්වයක්‌ ඇති වෙලා තියෙන්නේ. ඒ හින්දා පරදින්නේ නැහැ කියන දැඩි අදිටන අපිට තිබුනා. කාලය තව තිබුණනම් ඉලක්‌කය හඹා යන්නත් තිබුණා. ඒත් තණතීරුවේ හැටියට එය හඹා යෑම අභියෝගයක්‌. කොයි හැටි වුනත් අවසන් ඕවර කිහිපය ඉතා උණුසුම් වුණා.
(under the courtesy of hitnews.lk news web)

Related posts

ජලගැලීම් තත්ත්වය පහව යයි

Shiran Viraj

අලුත් ඇමතිලාට උපදේශකලා තොගයක් බෑ… එක් උපදේශකයෙකු පමණයි..

Shiran Viraj

බහුතරය අහිමි වූ ජනාධිපති අන්තර්වාර ආණ්ඩුවකට එකග වේ…

Shiran Viraj
Translate »