mediahumanrights.lk
Local NewsNews

අවධානයෙන් සිටින්න ! ඔබේ බැංකු රැකියාව දේශපාලනඥයින් උදුරාගත හැක

රාජ්‍ය බැංකු කිහිපයක් වෙත සේවකයින් බඳවාගැනීමේදී දේශපාලන බලපෑම් එල්ලවෙමින් ඇතැයි ලංකා බැංකු සේවක සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක පැවසුවේ මේ සම්බන්ධයෙන් තම විරෝධතාවය විෂය භාර අමාත්‍යවරයා වෙතද දන්වා ඇති බවයි.
ප්‍රධාන පෙලේ එක් රාජ්‍ය බැංකුවක පුරප්පාඩු 250ක් සඳහා විවෘත්ත තරග විභාගයක් පැවැත්වුවද දේශපාලන බලපෑම් මත, විභාගයෙන් ඉහළම සුදුසුකම් ලැබූවන්ට පවා අවස්ථාව අහිමිකරමින් දේශපාලන බලපෑම් මත දැනටමත් සේවකයින් 350ක් පමණ බඳවාගෙන ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසුවා. ඒ සම්බන්ධයේන් විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් නීතිමය ක්‍රියාමාර්ග සඳහා පිවිස ඇති බවද ඔහු පවසනවා.
තවත් ප්‍රධාන පෙලේ රාජ්‍ය බැංකු කිහිපයකට පුරප්පාඩු 1000ක් පමණ පිරවීම සඳහා තරග විභාගයක් පවත්වා ඇති අතර ඒ සඳහා 10000ක් පමණ අයදුම්කරුවන් ඉදිරිපත්ව ඇතත්, මේ වනවිට නියමිත ක්‍රියා පටිපාටියෙන් තොරව දේශපාලඥයින්ගේ බලපෑම් මත එම පුරප්පාඩු පිරවීමේ ඇති සූදානම්ක් සම්බන්ධයෙන්ද ඔහු තම සංගමයේ විරෝධය පලකර සිටිනවා. ඒ සම්බන්ධයේන් සියළුම අයදුම්කරුවන් විමසිල්ලෙන් පසුවැන්නැයි ලේකම්වරයා වැඩිදුරටත් පවසනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මහා සංඝරත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම බෞද්ධ ජනතාවගේ වගකීමක් බව ජනපති පවසයි

Shiran Viraj

චීනය වගේ ණය දෙන්න අපිටත් පුළුවන්..

Shiran Viraj

උද්දමනය පහල බහී.. අලුත්ම වාර්තාව මෙන්න..

Shiran Viraj
Translate »