26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
International NewsNews

ආදරවන්තයන්ගේ දිනයේදී පෙම්වතිය මරා හිරේ ගිය පිස්ටෝරියස්ට අධිකරණයෙන් නැවතත් දැඩි තීන්දුවක් – Photos

ආදරවන්තයන්ගේ දිනයේදී තම පෙම්වතියව මරා දැමීමේ වරදට සුපිරි පැරාලිම්පික් ක්‍රීඩකයෙකු වූ ඔස්කා පිස්ටෝරියස් හට වසර 6 ක සිර දඬුවම් නියම වුණා.
නමුත් මේ වන විට නැවතත් ඔහුගේ සිර දඬුවම් කාලය දීර්ඝ කිරීමට දකුණු අප්‍රිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ අයට පමුණුවන අවම දඬුවම් කාලය වසර 15 ක්.
ඒ අනුව විනිසුරුවන් තීරණය කර තිබෙන්නේ පිස්ටෝරියස්ට එම දඬුවම් කාලය ලබා දීමටයි.
මේ තීරණයත් සමග පිස්ටෝරියස් මේ වන විටත් වසර එකහමාරක කාලයක් සිර දඬුවම් විඳ ඇති නිසාවෙන් ඔහුට තවත් වසර 13 ක් සහ මාස 5 ක් සිරදඬුවම් විඳීමට සිදුවනු ඇති.

(under the courtesy of gossip.hirufm.lk news web)

Related posts

කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය 50ස් වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

Shiran Viraj

දඹුල්ලේ සියළු පාසැල් වසා දැමේ..

Shiran Viraj

මං කලේ බොරු..වරද පිලිගන්වා..මරණ දඬුම විදින්න ලෑස්තියි-නාමල් කුමාර කියයි..

Shiran Viraj
Translate »