mediahumanrights.lk
Local NewsNews

ආපදාවන්ට මුහුණ දෙන්න රජයෙන් පස් අවුරුදු සැලැස්මක්

ඉදිරියේදී ඇතිවන ආපදා තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීම සදහා පස් අවුරුදු සැලැස්මක් සම්පාදනය කිරිමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතින බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනිමෙන් අනතුරුව එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව එම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් සමන් සේනාධීර මහතා සඳහන් කළේය.
සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඒකාබද්ධ කරගනිමින් පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරිමට නියමිතය.
ඒ අනුව ආපදා අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වූ අනිවාර්ය නිර්දේශ ඇතුලත් කරමින් එම සැලැස්ම සම්පාදනය කෙරෙන බව සමන් සේනාධීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඉන්දියානු සාගර සමුළුව අද ඇරඹෙයි

Shiran Viraj

වැලිවේරියේ පාතාලයෝ වෙඩි තබති.. වෙඩි වැදී අයෙක් රෝහලට..

Shiran Viraj

ඉන්දීය ගුවන් යානයක් අනතුරට ලක්වෙයි : ගුවන් නියමුවෙක් ඇතුළු 03 දෙනෙකු මරුට

Shiran Viraj
Translate »