2026-07-03
mediahumanrights.lk
NewsPolitical

අර්ජුන් සමඟ දුරකථන සංවාද කළ කෝප් සාමාජිකයින් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

කෝප් කමිටුවේ ස්වාධීනත්වය සහ විශ්වාසනීයත්ව රැක ගැනීම සඳහා වහාම අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සංවාදයන් පැවැත් වු කෝප් කමිටු සාමාජිකයින් 5 දෙනාගේ සාමාජිකත්වය අත්හිටුවා විමර්ශනයක් පැවැත්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
“බැඳුම්කරු හොරු වහා අත්අඩංගුවට ගනු” යන තේමාවෙන් ඊයේ (17) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම අදහස් පළ කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (16) බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදු කර බවත් එහිදී කෝප් කමිටු සාමාජිකයින් 5 දෙනෙකු විමර්ශන කාල සීමාව තුළ දී අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සාකච්ඡා පවත්වා ඇති බව අනාවරණය විය.
දුරකථන සංවාද පවත්වා ඇත්තේ කෝප් කමිටුව රැස්වෙන විට බවත් ඒ තුළින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල ප්‍රශ්නයක් ඇතිව තිබෙන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
යහපාලන ආණ්ඩුවේ  පෙර ගමන්කරුවන් මෙලෙස හැසිරෙන විට ජනතාවට ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් කෙසේ ගොඩ නඟා ගත හැකි දැයි ප්‍රශ්නාර්ථයක් ඇති වන බව ද අලුත්ගමගේ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි

Shiran Viraj

මීට වඩා ලොකු ප‍්‍රශ්ණ රටේ නැද්ද..- උමාරා වෙනුවෙන් උමාරියා පෙරට..

Shiran Viraj

මාවනැල්ලේ බලය තහවුරු කරගනී (PHOTOS)

Shiran Viraj
Translate »