mediahumanrights.lk
NewsPolitical

නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරමින් ඉදිරි ගමනට සුබ පැතුමක් මෙන්න

සර්වජන ඡන්දයෙන් තේරී පත්වන ආසියානු කලාපයේ පැරණිතම පාර්ලිමේන්තුව වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අදට (03) වසර 70ක් සපිරෙනවා.
ඒ වෙනුවෙන් අද (03) පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් පැවැත්වීමට නියමිතයි. සාර්ක් කලාපීය රටවල් නියෝජනය කරන කථානායකවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වනවා.
ඒ අනුව ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින, නේපාලය හා පාකිස්තානයේ කථානායකවරුන් මෙම සැසිවරයාට සහභාගි වී විශේෂ දේශන පැවැත්වීමට නියමිතයි.
ඒ පිළිබඳ පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ කථානායක කරු ජයසූරිය කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයේ සම්ප්‍රදාය හා නීතියේ ආධිපත්‍ය තවදුරටත් ආරක්ෂා කරමින් ඉදිරියට කටයුතු කිරිම සඳහා උණුසුම් සුබ පැතුම් එක්කරන බවයි.
පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකගැනීමට කටයුතු කළ යුතු බව ද කථානායකවරයා මෙහිදී අවධාරණය කළා.
(under the courtesy of nethfm news web)

Related posts

ප්‍රජාතන්ත්‍රවාදී දිනය අද

Shiran Viraj

රේගු නිළධාරීන් විසින් පරවියෙක් අල්ලයි – මවිත වන හේතුව මෙන්න

Shiran Viraj

අද ඉතිහාසයේ අදුරුම දවසක්.. අපට දැන් කරන්නම දෙයක් නෑ.. ඉදිරිය හොදටම අමාරුයි..

Shiran Viraj
Translate »