29.4 C
Colombo
2026-08-17
mediahumanrights.lk
NewsPolitical

මහා සංඝරත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම බෞද්ධ ජනතාවගේ වගකීමක් බව ජනපති පවසයි

මහා සංඝරත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම බෞද්ධ ජනතාවගේ මූලික වගකීමක් වන අතර, භික්ෂු සමාජයට අගෞරව වන ආකාරයට කිසිවෙකු කටයුතු නොකළයුතු බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ගාල්ල, දංගෙදර ශ‍්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේ අභිනව බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට  (02) පස්වරුවේ එක්වෙමිනි.
විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බෝධි ප‍්‍රාකාරය සහ රන්වැට විවෘත කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
මෙම පුණ්‍යෝත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ, සියල්ලටම වඩා රටේ සංස්කෘතිය බලවත් බවයි.
එබැවින් රටේ සංස්කෘතිය පිළිබඳ සියලුදෙනා අවබෝධයෙන් කටයුතු කළයුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.
භික්ෂුන් වහන්සේලා අතරේ ඉතා සුළු පිරිසක් සම්බුද්ධ ශාසනයේ පැවැත්මට අභියෝගයක් වන ආකාරයෙන් හැසිරෙනවානම් ඒ පිළිබඳ කරුණු නිරාකරණය කර ගැනීම අදාළ නිකායන්වල මහානායක හිමිවරුන්ට පැවරෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
අද පස්වරුවේ ගාල්ල, දංගෙදර ශ‍්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත විය.
අනතුරුව පුණ්‍යෝත්සවය සඳහා එක් වූ අතර විහාරාධිපති පූජ්‍ය පල්ලන්වෙල සුමේධවංශ හිමිපාණන් වහන්සේ වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
උන්වහන්සේ විසින් ද ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.
ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නායක හිමිපාණන්, අමරපුර අරියවංස සද්ධම්ම යුක්තික නිකායේ මහානායක එගොඩමුල්ලේ අමරමෝලි නායක හිමිපාණන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද අමාත්‍ය වජිර අබේවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
news.lk

Related posts

ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දෙයි..

Shiran Viraj

අලි ඝාතනයට මරණ දඬුවම – පූජ්‍ය රාහුල හිමි රජයට දැඩි චෝදනා නගයි

Shiran Viraj

කරීනා මුස්ලිම් වුණැයි ඉන්දීය සමාජ මාධ්‍ය කැළඹිලා

Shiran Viraj
Translate »