2026-09-06
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

වසර දහතුනකට පසු උපාධියක්

එස්.අයි සමරක්කොඩි ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ආගන්තුක නමක් නෙමෙයි. මේ දවස්වල විකාශය වන ටෙලි නාටය රැසක ඔහුගේ රඟපෑම් අපට දැක ගන්නට පුළුවන්. ජාතික රූපවාහිනියේ විකාශය වන ‘චුට්ටේ’ ටෙලි නාට්‍යයේ මන්දබුද්ධිකයකුගේ චරිතයත්, ‘කොන්කළ දෝණි’ නාටයයේ පියසේන පියන්ගේ චරිතයත් නිසා ඔහු ට මේ දවස්වල ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබෙනවා. කොහොම වුණත් මේ හැම ප්‍රතිචාරයක් මැද්දේ එස්. අයි. සමරක්කොඩි තමාගේ උපාධිය එනම් ප්‍රාසාංගික කලාවේදී විශේෂ උපාධිය පසුගිය දවසක කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තා. ඒ සෑහෙන උත්සාහයක ප්‍රතිළුලයක් විදිහටයි.
‘මම උසස් පෙළ කරලා රංගනයට යොමු වුණා. නමුත් ඒ වකවානුවේ මට වාසනාවකට රඟපාන්න හම්බවුණේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ. ඔවුන් බොහෝ දෙනා රංගනය පිළිබඳ විශාල අත්දැකීම් ඇති රංගනය පිළිබඳ උපාධි ඇති අය. ඔවුන් ඇසුරු කරත් දී මට තේරුණා රංගනය ගැන උසස් අධ්‍යාපනයක් ලැබිය යුතුයි කියලා. ඔවුන්ද ඒ ගැන මා දැනුම්වත් කළා. කොහොම හරි උසස්පෙළ කරලා වසර කිහිපයක් ගියත් මම කැම්පස් යන අධිෂ්ඨානයෙන් යළිත් වරක් උසස්පෙළ විභාගය කළා. අවසානයේ මට කැම්පස් යන්න අවකාශ ලැබුණා. පළමු පාර උසස් පෙළ කරළා වසර 13කට පසුව මම රංගකලාව පිළිබඳ උපාධිය දිනා ගත්තා. මම කාට වුණත් කියන්නේ උත්සාහය අතහරින්න එපා. ජීවිතේට ඉලක්කයක් තියා ගන්න. ජයග්‍රහණය අත ළඟ කියලයි. මම අද ඒ නොපසුබට උත්සාහයේ අනගි ඵල බුක්ති විදිනවා.

( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

මහරගම නගරාධිපතිගේ පියා අත්අඩංගුවට… හොරෙන් විදුලිය අරන් මාට්ටුයි..

Shiran Viraj

ජනාධිපති ගමට නොගොස් ගැමියන් කොළඹ කැඳවනවානම් කැලෑ ටික බේරාගත හැකියයි ජනතාව කියනවා.. රටේ ප‍්‍රශ්න විසදන්න අවශ්‍ය කොළඹ සිට විවේක බුද්ධියෙන් කල්පනා කිරීම පමණයි..

Shiran Viraj

කොකේන්වලට ඇබ්බැහි වූ පිරිස අතර මන්ත‍්‍රීවරියකුත්

Shiran Viraj
Translate »