27.2 C
Colombo
2026-09-15
mediahumanrights.lk
NewsSportsSports News

කාන්තා 20යි 20 තරගයේ ජය කොදෙව් පිලට

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැති පළමු 20යි 20 ක්‍රිකට් තරඟය ලකුණු 71කින් ජය ගැනිමට බටහිර ඉන්දිය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.
තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදිමට කොදෙව් කාන්තා කණ්ඩායමට ආරාධනා කළේය.
නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් පමණක් දැවී ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 140ක්.
පිළිතුරු ලෙස ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 69ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ කොදෙව් කාන්තා කණ්ඩායම අතර තරඟ 03කින් සමන්විත 20යි 20 තරඟාවලිය එකට බිංදුවක් ලෙස පෙරමුණ ගැනිමට කොදෙව් කණ්ඩායම සමත්ව සිටියි.
දෙරට අතර තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය ජය ගැනිමට සමත් වූයේද කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6 ශ්‍රේණිය මොඩියුලය 2027 සිට ක්‍රියාත්මක කිරීමට පියවර

Shiran Viraj

ලංකාවේ කොරෝනා මැයි මුල උපරිමයට.. ඇමරිකාව, ඉතාලිය, එංගලන්තය වගේ බරපතල වෙයි..-

Shiran Viraj

ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ වසයි.. පොලිසියේ 04ක් නිරෝධායනයට..

Shiran Viraj
Translate »