mediahumanrights.lk
Local NewsNews

ගමක් හඬවමින් කුඩා දැරියක් ලොවෙන් සමුගනී (PHOTOS)

නිවසක් අලුත්වැඩියාවට ගෙනැවිත් තිබූ ලී ගොඩක් සිරුර මතට පෙරලීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිඳුණුවැව යාය 5 ප්‍රදේශයේ පදිංචි අවුරුදු හතරක කුඩා දැරියක්.
ඇය අසල්වැසි නිවසක තවත් දැරියන් දෙදෙනෙකු සමග සෙල්ලම් කරමින් සිටියදී එම නිවසේ අලුත්වැඩියාවට ගෙනැවිත් තිබු ලී ගොඩ සිරුර මතට වැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. අනෙක් දැරියන් දෙදෙනාට හානියක් සිදුව නැහැ.
පසුව ඔවුන් දෙදෙනා සිද්ධිය පිළිබඳ නිවෙස් හිමියන් දැනුවත් කිරීමෙන් අනතුරුවයි දැරිය බේරාගෙන ගලෙන්බිඳුනු වැව ග්‍රාමීය රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
කෙසේවෙතත් ඒ වන විට දැරිය මියගොස් ඇතැයි වෛද්‍යවරුන් ප්‍රකාශකර තිබෙන්නේ.
මියගිය දැරියගේ පියා වෙනත් විවාහයක් සිදුකරගෙන ඇති අතර ඇය හැදී වැඩී ඇත්තේ මවගේ දෙමව්පියන් භාරයේයි.
ඇයගේ මව උපතේ සිටම කථන අපහසුතාවකින් පෙළෙන අයෙක් බවද වනවා. එමෙන්ම දැරියගේ මවගේ පියා ද ආබාධිතව එක්තැන්ව පසුවන බව අප වාර්තාකරු සඳහන් කළේ.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දැරියගේ සිරුර ඥාතීන්ට භාරදී ඇති අතර ගලෙන්බිඳුනුවැව පොලිසිය අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වනවා.

(under the courtesy of nethfm news web)

Related posts

iPhone 8 off to bumpy start with iPhone X in the wings

Shiran Viraj

විමල්ට ඔ්න වුනාට මට ගෝටාභය එපා..මහින්ද පමණයි ඔ්නෑ-විමල්ට වෙල්ගම පිලිතුරු දෙයි

Shiran Viraj

ඉන්ධන මිල පහල දැමේ.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj
Translate »