26.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
International NewsNews

හාවි සුළි සුළගින් විපතට පත්වූවන්ට සහන සලසන්න ඩොලර් බිලියන 5.9 ක්

දශකයකට වැඩි කාලයකට පසු ඇමරිකාවට හැමූ ප්‍රබලතම චන්ඩ මාරුතය වන හාවි සුළි සුළගෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සදහා ඩොලර් බිලියන 5.9 ක් වෙන් කර දෙන ලෙස ධවල මන්දිරය ඇමරිකානු කොංග්‍රසයෙන් ඉල්ලීමක් කළා.
ඒ සදහා තම පෞද්ගලික මුදලින් ඩොලර් මිලියනයක් පිරිනමන බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ.
ටෙක්සාස් ප්‍රාන්තයට විශාල හානියක් සිදුකළ හාවි සුළි සුළගින් පුද්ගලයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතරල තුන්ලක්ෂ 11,000 ක් ආපදා සහන සදහා ලියාපදිංචි වී තිබෙනවා.
ජල ගැල්ම සමනය වෙමින් පවතින අතර විනාශයට පත්වූ නිවාස සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නයි.
ඇමරිකානු මධ්‍යම රජයේ හදිසි කළමනාකරණ ආයතනය ප්‍රකාශ කළේ 3800 ක පිරිසක් මෙහෙයුම්වලදී බේරා ගැනීමට හැකිවූ බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

ප‍්‍රදේශ කිහිපයකින් නීතිවිරෝධී ගිනි අවි සමග සැකකරුවන් අත්අඩංගුවට

Shiran Viraj

බදු වෙනස් කරන කෙටුම්පත අද විවාදයට

Shiran Viraj

විග්නේෂ්වරන් නිසා උතුර බෙදෙයි?

Shiran Viraj
Translate »