28.9 C
Colombo
2026-09-09
mediahumanrights.lk
NewsSportsSports News

මාලිංග පරාජයට හේතු කියයි

අත්දැකීම් සපිරි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක පරම්පරාව කණ්ඩායමේ නොමැතිවීම පරාජයන්ට හේතුවක් බව ලසිත් මාලිංග පවසනවා.
ඊයේ ඉන්දියාව සමග පැවති තරග පරාජයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමේ සිටින්නේ නම් අත්දැකීම් අඩු ක්‍රීඩකයන් සමග ජාත්‍යන්තර තරගවලදී මෙවැනි අත්දැකීම්වලට මුහුණ නොදෙන බවයි.
චාමර සිල්වා / තිලිණ කණ්ඩම්බි / ජෙහාන් මුබාරක් / මලිංග බණ්ඩාර / කුසල් ලොකුආරච්චි / කෞෂල්‍ය වීරරත්න / තරංග පරණවිතාන මෙන්ම මලින්ද වර්ණපුර වැනි ක්‍රීඩකයන් කණ්ඩායම සතුව සිටි අත්දැකීම් බහුල අය බවයි මාලිංග පෙන්වා  දුන්නේ.
ඔවුන් වසර කිහිපයක් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමෙන් පසු ඉවත් කිරීම් හමුවේ එම අත්දැකීම් කණ්ඩායමට ලබාගැනීමට නොහැකි වු බව ද ලසිත් මාලිංග ප්‍රකාශ කළා.
පසුගිය සමයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තුල එක්දින තරග 100 කට වඩා ක්‍රීඩා කළ හෝ තරග 50 කට වඩා වැඩි සංඛ්‍යාවක්  ක්‍රීඩා කර අත්දැකීම් ඇති ක්‍රීඩකයන් සිටි බවයි ඔහු කියාසිටියේ.
2004 වසරේදී තමා කණ්ඩායම නියෝජනය කරන විට කණ්ඩායමේ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨයන් 8 දෙනෙකු පමණ සිටි බව මාලිංග පෙන්වා දුන්නා.
එහෙත් මෑත කාලීනව එම තත්වය ක්‍රමයෙන් වෙනස්වී ඇති අතර ලොව ඕනෑම කණ්ඩායමක නවකයන් අතර ජ්‍යෙෂ්ඨ පරිපුර්ණ ක්‍රීඩකයන් සිටීම තුලින් ජයග්‍රහණයට මග පෑදෙන බව ලසිත් මාලිග ප්‍රකාශ කළා.
එමෙන්ම වත්මන් කණ්ඩායම දක්ෂතා අතරට පිවිසීමට හැකි හොඳම කණ්ඩායමක් ලෙසටයි මාලිංග විශ්වාසය පළකරන්නේ.
දිගින් දිගටම පරාජයේ ආස්වාදය පමණක්ම භුක්ති විදින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (31) තවත් දැවැන්ත පරාජයකට මුහුණ දුන්නා.
ඒ ඉන්දියාව සමග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති සිව් වන එක්දින තරගය පරාජයට පත්වීමත් සමගයි.
දහසකට ආසන්න පොලිස් නිලධාරින් පිරිසක් ආරක්ෂාවට යොදවා සිටි අතර පොලිස් කැරලි මර්දන ඒකකය ද ඊයේ තරගයට සීරුවෙන් තබා තිබුණේ පසුගියදා ඇති වූ කලහකාරි සිද්ධීන් මුල් කර ගනිමිනුයි.
තරගයේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් විශාල සංඛ්‍යාවක් යොදවා තිබුණ ද ඊට සාපේක්ෂව ක්‍රීඩා ලෝලීන් පැමිණ නොසිටීම ද විශේෂත්වයක් වුණා.
ඊයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රීඩකයින් සිය පන්දුවාර 50 තුළ කඩුලූ 5 ක් දැවී ලකුණු 375 ක් ලබා ගත්තා.
විදෙස් කණ්ඩායමක් මෙරට රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.
තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 යි පන්දු 4 කදී සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 207 ක්.
ඇන්ජලෝ මැතිව්ස් පමණක් සටන්කාමී අයුරින් ලකුණු 70 ක් රැස් කළා.
කෙසේ වෙතත්, එහිදී ශ්‍රී ලංකාව මෙම තරඟය පරාජයට පත්වූයේ ලකුණු 168 කින්.
(under the courtesy of hirunews news web)

Related posts

හුදකලා ප්‍රදේශ හැර සෙසු පලාත්වල පාසල් ආරම්භ වෙයි

Shiran Viraj

56%කින් විදුලිය ගාස්තු ඉහලට.. ?

Shiran Viraj

අද සිට අධිවේගී මාර්ගවල පසුපස අසුන්වලට ද ආසන පටි අනිවාර්යයි

Shiran Viraj
Translate »