26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

මන්ත්‍රිවරුන්ගේ කෑමවේලේ මිල ඉහළ දායි

මැති ඇමතිවරුන් සඳහා පාර්ලිමේන්තුවේදී ලබා දෙන ආහාරවල මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.
එය අද (06) දිනයේ සිට ක‍්‍රියාත්මකයි. ඒ අනුව, දැනට රුපියල් 150ක් වන ප‍්‍රධාන ආහාර වේලක මිල රුපියල් 200 දක්වා වැඩි කරනු ඇති.
මෙවැනි මිල වැඩි කිරීමක් සිදු කර ඇත්තේ වසර 08කින් පසු වීමද විශේෂත්වයක්.
මැති ඇමතිවරුන්ට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, මැති ඇමතිවරුන්ගේ අමුත්තන් හා මාධ්‍යවේදීන්ට ලබා දෙන ආහාරවේලේ මිල ගණන් ද ඉහළ නැංවිමටයි පියවර ගෙන ඇත්තේ.
මෙම තීරණය ගෙන ඇත්තේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදීයි.
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නියෝජිතයන් මෙම ගෘහ කාරක සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරනවා.
ඒ අනුව මන්ත්‍රිවරයෙකුගේ කෑමවේල පහත දැක්වෙන පරිදි වැඩිවී තිබෙනවා.
පෙර මිල       දැන් මිල
උදේ කෑමවේල                                       60.00       100.00
දහවල් කෑමවේල                                   150.00       200.00
තේ සහ කෙටි කෑම                                  25.00         50.00
බැදපු මාළු  (ග්‍රෑම් 200)                            45.00        100.00
බැදපු කුකුල් මස්                                      44.00        100.00
බිත්තර 4ක ඔම්ලට් 1                                18.00         25.00
විධායක ශ්‍රේණියේ නිලධාරින් සඳහා දහවල් කෑමවේල
200.00       350.00
විධායක නොවන නිලධාරින්ගේ දහවල් ආහාරවේල
100.00       200.00
මාධ්‍යවේදීන්ගේ දහවල් ආහාරවේල
65.00        70.00

Related posts

අපි කොරෝනාව යටත් කර ගත්තා.. දැන් අපේ පාලනයේ.. සහාය වූ සැමට ජනපති තුති පුදයි..

Shiran Viraj

ඇබඩින් දිය ඇල්ලේ සැඩ පහරකට හසුවූ විදේශික කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් බේරා ගැනේ

Shiran Viraj

රනිල් වරප‍්‍රසාද ඉල්ලූ ලිපිය ජනපතිගේ අවධානයට

Shiran Viraj
Translate »