2026-09-04
mediahumanrights.lk
NewsPolitical

පුංචි ඡන්ද සංශෝධන කෙටුම්පත ඇමැති මණ්ඩල අනුමැතියට

මහනගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා අණ පනත් සංශෝධන කෙටුම්පත මෙම සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
අදාල අණ පනත් සංශෝධන කෙටුම්පත මේ වන විටත් නීති කෙටුම්පත් සම්පාදක විසින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත භාර දී ඇති බවයි එම අමාත්‍යාංශයේ නීති අංශය සදහන් කළේ.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු පසු එය ගැසට් කර පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සිදු වේ.
එම සියළු කටයුතු මෙම මාසය තුළ අවසන් කිරීමට හැකිවනු ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කළේය.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා පළාත් පාලන ආයතන සංස්ථාපන නියම සංශෝධනය කිරීමද සිදුකළ යුතු වේ.
එම කටයුතු ද මෙම මාසය අවසන් වන විට සිදුකර අවසන් කළ හැකි බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නීති අංශය ප්‍රකාශ කළේය.
එම සියලු කටයුතු සම්පූර්ණ වූ පසු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තීරණය කරනු ඇත.
(under the courtesy of adaderana news web)

Related posts

මුස්ලිම් නීතිය එපා නම් බුද්ධාගමට විශේෂ තැන නීතියෙන් ඉවත් කළ යුතුයි..- කාති උසාවි මණ්ඩලය

Shiran Viraj

අපේ දුවට සුදුසු පුතෙක් ලැබුණා සුසන්තා, තිසුරි ගැන රහසක් හෙළි කරයි

Shiran Viraj

රෝහිතගේ තරගය පේ‍්‍රක්‍ෂකයන්ට තහනම් කරයි.. යෝෂිත පිටියෙන් සමුගනී..

Shiran Viraj
Translate »