mediahumanrights.lk
International News News

හාවි සුළි සුළගින් විපතට පත්වූවන්ට සහන සලසන්න ඩොලර් බිලියන 5.9 ක්

දශකයකට වැඩි කාලයකට පසු ඇමරිකාවට හැමූ ප්‍රබලතම චන්ඩ මාරුතය වන හාවි සුළි සුළගෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සදහා ඩොලර් බිලියන 5.9 ක් වෙන් කර දෙන ලෙස ධවල මන්දිරය ඇමරිකානු කොංග්‍රසයෙන් ඉල්ලීමක් කළා.
ඒ සදහා තම පෞද්ගලික මුදලින් ඩොලර් මිලියනයක් පිරිනමන බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ.
ටෙක්සාස් ප්‍රාන්තයට විශාල හානියක් සිදුකළ හාවි සුළි සුළගින් පුද්ගලයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතරල තුන්ලක්ෂ 11,000 ක් ආපදා සහන සදහා ලියාපදිංචි වී තිබෙනවා.
ජල ගැල්ම සමනය වෙමින් පවතින අතර විනාශයට පත්වූ නිවාස සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නයි.
ඇමරිකානු මධ්‍යම රජයේ හදිසි කළමනාකරණ ආයතනය ප්‍රකාශ කළේ 3800 ක පිරිසක් මෙහෙයුම්වලදී බේරා ගැනීමට හැකිවූ බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය..: පුෂ්පිකාද සිල්වාගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි..

Shiran Viraj

රටින් ආ කොරෝනා ආසාදිතයන් 49ක් රට පුරා සැගවිලා.. බුද්ධි අංශ වාර්තාවක්.. පැය 24න් අල්ලන්න නියෝග කෙරේ..

Shiran Viraj

08 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික‍්‍රමසිංහ දිවුරුම් දෙයි…

Shiran Viraj