mediahumanrights.lk
Local News News

මට තරහා යනවා හැබැයි ගොඩක් ඉවසනවා

කොහොමද දුෂේනි ජීවිතේ?
ජීවිතේ හොඳයි. හොඳින් ගෙවිලා යනවා. සංකාරා සහ මහදැනමුත්තා කියලා නාට්‍ය දෙකක් ඉදිරියෙදි විකාශය වෙන්න තියෙනවා.
දුෂේනිට වැඩිපුර වැඩවල පේන්න වුවමනාවක් නැද්ද?
අලුත් වැඩ නම් භාර ගත්තෙ නැහැ. මේ දවස්වල මගේ පෞද්ගලික වැඩකට කාලය යොදවලා තියෙන නිසා. ඊට පස්සෙ අලුත් වැඩක් භාර ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ කියන්නෙ රංගනයට වැඩි කාලයක් දෙන්නෙ නැද්ද?
එහෙම නෙමෙයි. මගේ නාට්‍ය දෙකක් එන්න තියෙනවනේ. ඒවට තවම රූපවාහිනි නාළිකාවලින් ඉඩක් ලැබිලා නැහැ. ඒ නාට්‍ය දෙකත් එක්ක කාර්යබහුල වෙන කොට තව වැඩ භාර ගත්තොත් අමාරු වෙයි.
මුල් තැනක් දෙන්නෙ ටෙලි නාට්‍යවලටද? මියුසික් වීඩියෝවලටද?
ඇත්තටම මම මුල් තැන දෙන්නෙ ටෙලි නාට්‍යවලට. රූප රචනා භාර ගන්නවා අඩුයි. මම රූප රචනා කරලා තියෙන්නෙත් දෙක තුනක් වගේ.
මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙන කොට වැඩිපුර හිතන්නෙ මුදල ගැනද? කොලිටිය ගැනද?
මේක රැකියාවක්. නමුත් මම කොලිටිය ගැන ගායකයා සහ විඩියෝව නිෂ්පාදනය කරන සමාගම ගැන හොයලා බලනවා. ඊට පස්සෙ මුදල ගැන හිතනවා. මුදලටත් වඩා මම අර කිව්ව මුල් කාරණා තුන තමයි මුලින්ම බලන්නේ.
චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා කියලා ආරංචියි?
ඔව්. මේඝ තමයි මගේ පළමු වැනි චිත්‍රපටය. ඒක කළේ සේනක විජේසිංහ. ඒ චිත්‍රපටයේ වැඩ කටයුතු ඔක්කොම ඉවරයි. මම හිතන්නෙ ඒක ලබන අවුරුද්දෙ රිලීස් වෙයි.
දවසින් දවස දුෂේනි වගේම පිරිසක් ක්ෂේත්‍රයට එකතු වෙනවා. දුෂේනිට රංගන ක්ෂේත්‍රයේ පැවැත්මක් තියාගන්න පුළුවන්ද?
මම එනකොටත් කිහිප දෙනෙක්ම ක්ෂේත්‍රයට ආවා. දීර්ඝ පැවැත්මක් තියෙන්න නම් සුවිශේෂී කෙනෙක් වෙන්න ඕන. මිනිස්සුන්ට මතක හිටින විදියට ටෙලි නාට්‍යවල රඟපාන්න ඕනෙ. පැවැත්ම තියාගන්න ටිකක් අමාරුයි. ඒත් මහන්සි වුණොත් ඒක කරන්න බැරි නැහැ.
කොහොමද දුෂේනිට තියෙන ඉල්ලුම?
මට වැඩිපුර ඉල්ලුමක් තියෙන්නෙ අහිංසක චරිතවලට. මමත් ඒකට කැමැතියි.
සැබෑ ජීවිතයේදීත් දුෂේනි අහිංසක චරිතයක්ද?
ඔව්. හැබැයි මට තරහ යනවා. ඒවගේම හුඟක් ඉවසන කෙනෙක්.
මේ දවස්වල සමහර කටකතාවලට දුෂේනිගේ නමත් අෑඳිලා නේද?
ඇත්තටම මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ.
දැන් ජීවිතේට විශේෂ කෙනෙක් ඉන්නවා නේ?
තවම නැහැ. ආදරේ කරන්න තව කල් තියෙනවා.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

Related posts

අඹු-සැමි යුවළ මැරුවාට යුවළක් පොරකයට

Shiran Viraj

පලාත් සංචරණ සීමා තවත් දීර්ඝ කෙරේ.. බස්නාහිර ලිහිල් කරයි.. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…

Shiran Viraj

Red is a must-have trend this season and not just for Christmas

Shiran Viraj