mediahumanrights.lk
International NewsNews

ඉන්දියාවේ පළමුවරට අධිවේගී දුම්රිය සේවයක් ඇරඹෙයි

ඉන්දියාව ප්‍රථම වතාවට අධිවේගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
ජපාන අග්‍රාමාත්‍ය  ෂින් සෝ අබේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වයෙන් හෙට(15) දින ඒ සඳහා මුල් ගල් තැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ ව්‍යාපෘතිය සඳහා ජපානය විසින් ඩොලර් බිලියන 17ක ණය ආධාර සපයන බව සඳහන් වෙයි.
අදාළ අධිවේගී දුම්රිය ඉන්දියාවේ අහ්මද්බාද් සිට මුම්බායි දක්වා ගමන් කරවීමට සැළසුම් කර ඇති අතර එහිදී සාමාන්‍ය දුම්රියකින් පැය 08ක් ගත වන ගමන පැය 03කට සීමා කෙරෙනු ඇති.
ව‍්‍යාපෘතියට අනුව ආසන 750කින් යුත් අධිවේගී දුම්රියක් 2022 අගෝස්තු මාසයේදී ධාවනය කරවීමට සැළසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

විජේදාස නැවතත් එජාපයට?

Shiran Viraj

බිත්තර හා කුකුළු මස් මිල ඉහලට..

Shiran Viraj

අංශ කිහිපයක් අද උදේ සිට වැඩ වර්ජනයේ – සෞඛ්‍ය සහ දුම්රියත් ඒ අතර

Shiran Viraj
Translate »