23.4 C
Colombo
2026-03-03
mediahumanrights.lk
Local NewsNews

අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවන්න එපා-අනිවාර්යයෙන්ම කඩනවා

ලංකා විදුලිබල මණ්ඩලයේ එක්බද්ධ වෘත්තිය සමිති විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනය ඉදිරියට සිදු කිරීම වැළැක්වීමට උත්සහ කලහොත් ඒ සියල්ල අභිබවා අඛණ්ඩව වැඩවර්ජනය සිදුකරන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසයි.
විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන් පසුගිය 13 වන දා ආරම්භ කරන ලද දීපව්‍යාප්ත වැඩවර්ජනය සම්බන්ධයෙන් ඊයේ(14) දිනයේ අමාත්‍යවරයා සමඟ පැවැත්වු සාකච්ඡා අසාර්ථ වූ බවත්, එනිසා සාධාරණ විසදුමක් ලැබෙන තුරු අඛණ්ඩව මෙම වර්ජනය සිදුකරනු ලබන බවත් රන්ජන් ජයලාල් මහතා පවසයි.
අද(15) පැවති ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.
2014 නොවැම්බර් 27 වන දා බලය හුවමාරු වන මැතිවරණයක දී සිදුව ඇති කෝටි 150 ක් පමණ වන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මොවුන් සිය වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
සාකච්ඡා අසාර්ථක වූ නිසා සේවකයින් බිය ගැන්වීමට චක්‍රලේඛනයක් නිකුත් කළ ද අද දිනයේ සේවකයින් සේවයට පැමිණියේ ද ජයලාල් මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
එනිසා සේවකයින් කිසිවිටකත් සේවයට වාර්තා නොකරන බවත් යම් හෙයකින් අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවා බලහත්කාරයෙන් සේවකයින් සේවයට වාර්තා කර ගැනීමට උත්සහ කළහොත් ඒ සියල්ල ඉටු නොකරන බව ද ජයලාල් මහතා වැඩිදුරටත් පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

මා කී දේ නොකල ගෝටා ගෙදර.. කරන රනිල් තවමත් ජනපති…

Shiran Viraj

ලොක්ඩවුන් නොතකා වෙලදාමේ… අත්අඩංගුවට..

Shiran Viraj

කොත්තු, රයිස්, කෙටිකෑම මිල වැඩි කලේ පොල් මිල යාම නිසා..- ආපන ශාලා සංගමය

Shiran Viraj
Translate »