2026-08-15
mediahumanrights.lk
NewsSportsSports News

සියල්ලන්ගේ අවධානය යොමුවූ ක්‍රිකට් කණ්ඩායමේ, අලුත්ම දඟ පන්දු පුහුණුකරු මෙන්න

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් ජෝසි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
ඒ කෙටිකාලීන කොන්ත්‍රාත් කාලයක් සඳහායි.
මේ මස 27 වනදා  ඕස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරඟාවලියේ සිට ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනවා.
ක්‍රිකට් පිටිය තුල කැපී පෙනෙන කණ්ඩායමක් ලෙස මේ වනවිට බංගලාදේශ කණ්ඩායම වෙත ලොවපුරා සැමගේ අවධානය යොමුව තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරු චම්පක රාමනායකද පසුගියදා බංග්ලාදේශ කණ්ඩායම සමඟ සිය රාජකාරී ආරම්භ කළා.
ඒ අනුව චම්පක රාමනායක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඉහළ දක්ෂතා ඒකකයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
මේ අතර බංගලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහයි.
විචාරක මතය වී ඇත්තේ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට ප්‍රබල කණ්ඩායම් වලට බලපෑම් කිරීම ආරම්භ කර ඇති බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

මගේ ජනප්‍රියත්වයේ රහස දෙවියන්ගේ ආශිර්වාදයයි ප්‍රවීන ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක

Shiran Viraj

සහල් මිල වේගයෙන් පහතට…

Shiran Viraj

අර්ථ සාධක අරමුදලටත් බද්දක් ගහයි..

Shiran Viraj
Translate »