mediahumanrights.lk
Local NewsNews

පුරාවස්තු සොයා ගිය 4 ක් අත්අඩංගුවට

ගල්කිරියාගම, කටුපත්තාගම, පුබ්බෝගම ප්‍රදේශයේ පුරාවස්තු ගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිරියාගම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
එහිදි කැණීම් සඳහා යොදාගත් උපකරණ ද පොලීසිය බාරයට ගෙන තිබේ.
සැකකරුවන් කාත්තන්කුඩි, මරදන්කඩවල, සහ පුබ්බෝගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද(10) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of adaderana news web)

Related posts

උතුරේ ජනතාවට සේවය කිරීමට වත්මන් ජනපති සමග එක්‌වෙනවා – කරුණා අම්මාන්

Shiran Viraj

මාස 10යි – 180ක් මැරිලා

Shiran Viraj

ඔබ ‘Dark Mode’ භාවිතා කරන්නෙක්ද? – ඇස් රකින නිවැරදි ක්‍රමය මෙන්න

Shiran Viraj
Translate »