mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

හේමාල්වත්, සුරාජ්වත් රන්ජන්වත් මම විවාහ කරගන්නේ නෑ, එකට ඉන්න බැරිනම් අයින් වෙන එක හොඳයි

හිමායා බණ්ඩාර කියනවට වඩා සොනාලි ටීචර් කිව්වොත් කවුද කියලා හැමෝගෙම මතකෙට එයි.
ඒ තරමටම දෙවැනි ඉනිමේ සොනාලි ටීචර් රසිකයින් අතර ජනප්‍රියයි.
ඉතිං මේ සොනාලි ටීචර්ගේ අලුත්ම විස්තර ගැන දැනගන්න වෙබ් ගොසිප් අපි හිතුවා.
හිමායා මොනවද අලුත් විස්තර..?
මේ දවස්වල ශූටින් වැඩ කරනවා. එකදිගට වැඩ කරලා පොඩි විවේකයක් ගන්න තමයි ඉන්නේ. ළඟදි විදෙස් ප්‍රසංගයකට සහභාගී වෙන්න තමයි ඉන්නේ.
දෙවැනි ඉනිම ගැන කිව්වොත්…?
දෙවැනි ඉනිම කියන්නේ ලංකාවේ දැවැන්තම ටෙලි නාට්‍ය. අර්ථවත් නාට්‍යයක්. පාසල් ජිවිතේ සුන්දරත්වය සරලව මතක් කරලා දෙන යෞවනයේ ප්‍රශ්න පෙන්වන අංක එකේ නාට්‍යයක්.
සොනාලි ටීචර්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
අවුරුදු ගාණක් ගියා හිමායා කියන නම රසිකයින් අතරට ගෙනියන්න. හැබැයි සොනාලි ටීචර් එක රැයකින් හැමෝම දැනගත්තා. සොනාලි ටීචර්ට ගොඩක් දෙනෙක් ආදරෙයි.. මමත් ආදරෙයි.
ඒ ගතිගුණවලට මම කැමතියි. සොනාලි ටීචර් හොඳ ගුරු මාතාවක්.
මියුසික් වීඩියෝස්වලට නිරුවත එක්කරලා හිට් කරගන්න හදන එක ගැන මොකද හිතන්නේ..?
නිරුවත ලංකාවේ මිනිස්සුමාකට් කරන්න හදන්නේ හරි අමුතුවට. හරිම අමුයි. පිටරට මිනිස්සු මියුසික් වීඩියෝස්වල නිරුවත පෙන්වනවා. ඒවා හරිම ලස්සනයි. කලාත්මකයි.
ඒත් අපේ ලංකාවේ නිරුවත් මියුසික් වීඩියෝ පෙන්නද්දි හරි කැතයි. මේවා විව්ස් ගන්න කරනවද සල්ලිවලට කරනවද කියලා හිතෙනවා. කලාව ඇතුලේ නිරුවත සාමාන්‍ය දෙයක්.  අපේ රටේ ඒ දේවල් බලන විදිහ වෙනස්.
ආදරේ ගැන මොකද හිතන්නේ…?
නිර්වචනය කරන්න බැරි දෙයක්. සමහර වෙලාවට සුන්දර දෙයක්.. ආදරේ ඔහේ ගලාගෙන යනවා.
විරහ වේදනාව දැනිලා තියෙනවද..?
ඔව්.. අත්විදලා තියෙනවා…
ඉස්සෙල්ලම හිතට ආදරයක් ඇතිවුණේ කොයි කාලෙද..?
මම කොල්ලෙක්ට ආදරේ කළේ ඉස්සෙල්ලම අවුරුදු 24 දි.
රංගන ශිල්පීන් හුඟක් දෙනෙක්ගේ විවාහ ජීවිතය අවුල් වෙලා තියෙනවා.. ඇයි ඒ…?
රංගන ශිල්පින් ජනප්‍රිය නිසා ඉක්මනින් ඒ දේවල් ප්‍රසිද්ධ වෙනවා. අද කසාද බැඳලා හෙට ඩිවෝස් වෙනවා.
ඒකට හේතුව තමයි එකිනෙකාට ගරු කරන්න දන්නේ නැතිකම. අනිත් කෙනාගේ හැඟීම්වලට ඉඩක් දෙන්නේ නෑ. ලංකාවේ මිනිස්සු හරි කුහකයි. සංස්කෘතිය කියලා බොරුවෙන් වහගත්තු ජීවිත ගෙවන්නේ. ගෝත්‍රික සමාජයකයි ජිවත් වෙන්නේ. අද කසාද බදින මිනිහා හෙට වෙන ගෑණු කෙනෙක් එක්ක යනවා.. අනිත් කෙනාට ගරු කරන්නේ නැතිකමයි හිතන්නේ නැතිකමයි තේරුම් නොගැනීමයි නිසා තමයි හුඟක් වෙලාවට ජීවිත අවුල් වෙන්නේ.
විවාහ වුණාට පස්සේ එකට ජීවත්වෙන්න බැරි තරමට ප්‍රශ්න එනවනම් අයින් වෙන එකද හොඳ..?
දරුවෝ නැත්නම් අයින් වෙන එක හොඳයි කියලයි මට හිතෙන්නේ. ඒත් විවාහය කියන්නේ පුදුමාකාර බැඳීමක්. අදහස් හුවමාරු කරගන්නවා. මුණගැහෙනවා. අදහස් හුවමාරු කරගන්නවා.
අපි අපිව බෙදාගන්නවා. එහෙම කරලත් විවාහ වෙලා අයින් වෙන එක ගැන හිතාගන්න බැහැ.. ගැලපෙන්නේ නැත්නම් අයින් වෙන එක හොඳයි.
හිමායාගේ ආදරවන්තයා ගැන කිව්වොත්..?
ආදරවන්තයා හිස්තැනක්.. ඒක ප්‍රශ්නාර්ථයක් තියමු..
සුරාජ් මාපා හරි, රන්ජන් රාමනායක හරි, හේමාල් රණසිංහ හරි විවාහ යෝජනාවක් කළොත් කාවද විවාහ කරගන්න කැමැත්ත දෙන්නේ..?
විවාහ කරගන්න මේ තුන්දෙනාටම මම කැමති නෑ.. හේමාල් එක්ක වැඩ කරලා තියෙනවා..රංජන් අයියා එක්ක වැඩ කරලා තියෙනවා, සුරාජ් අයියා මගේ යාළුවෙක්. රංගන ක්ෂේත්‍රයේ කාගෙන් විවාහ යෝජනා ආවත් මම කැමති වෙන්නේ නෑ.
ඉදිරි බලාපොරොත්තු මොනවද..?
විදෙස් ප්‍රසංග කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.. ඉස්සරහට විදෙස් ගතවෙලා ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා..
(under the courtesy of adaderana news web)

Related posts

සරසවි සිසුන් සිය ග්‍රහණයට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ පුවරු හා දැන්වීම්වලට ගිනි තබයි – PHOTOS

Shiran Viraj

අද අධිකරණයේදී රවීගේ පවුලේ අය සම්බන්ධයෙනුත් නියෝගයක් දෙයි

Shiran Viraj

කප්පම් ගන්න ගිය දෙදෙනෙක් දැලේ

Shiran Viraj
Translate »