28.4 C
Colombo
2026-09-20
mediahumanrights.lk
NewsPolitical

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීම කල් දමන්නේ නෑ

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීම කල් නොදමන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අවම ප්‍රමිතිය ගැසට් කිරීම කල් දැමීමට තමා උත්සාහ දරණ බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව පවසන සෞඛ්‍ය අමාත්‍යවරයා එය වසර ගණනාවක් ප්‍රමාද කරනු ලැබුවේ එම සංගමය විසින් බව පෙන්වා දෙයි.
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡා මඟහැරි වෛද්‍ය  නිළධාරීන්ගේ සංගමය මාධ්‍ය සංදර්ශන පත්වමින් ජනතාව නොමඟ යවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අවම ප්‍රමිතිය ගැසට් කිරීම 2015 වසරෙන් පසු තමන් විසින් ආරම්භ කළ බව පෙන්වාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා එය මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තනයේ පවතින බව සඳහන් කළේය.
ඒ අනුව වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය කඩිනමින් ගැසට් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

චීනය තමන්ගේ වැඩක් බලා ගනී.. ශ‍්‍රී ලංකාවට වෙලාවක් නොදේ.. IMF ණය කොට උඩ..- විදෙස් මාධ්‍ය

Shiran Viraj

වී මිලට එකග නෑ.. ඒත් ස්තුතියි..- පුංචිරාල

Shiran Viraj

අවුකන පිළිමය රැක දෙන්නැයි විහාරාධිපති හිමියෝ වැස්ස වලාහක දෙවියන්ගෙන් අයැදිති- ඇමැති පොරොන්දු පුස් වෙඩි වෙලා

Shiran Viraj
Translate »