29.5 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

ටැම්පිටියේ සුගතානන්ද හිමිට ඇප

සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපලවලට අලාභ හානි සිදු කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
උන්වහන්සේ විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
ඒ අනුව සැකකාර භික්ෂූන් වහන්සේ රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැඟින් වූ ශරීර ඇප 03 ක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබේ.
එමෙන්ම වස් කාලය අවසන් වීමෙන් අනතුරුව දෙසැම්බර් මාසයේ සිට සෑම මසකම අවසාන ඉරිදා දිනයේ මරදාන පොලීසියට වාර්තා කළ යුතු බව ද ටැම්පිටියේ සුගතානන්ද හිමිට ලබා දුන් ඇප නියෝගයේ සඳහන්ය.
එහිදී මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රටේ පවතින නීතියට අනුකූලව ජීවත් වීමට සෑම පුද්ගලයෙකුම කටයුතු කළ යුතු බවයි.
නීතිය උල්ලංඝණය කරමින් මහජනතාවට පීඩා වන ආකාරයෙන් හැසිරීම භික්ෂුවකට උචිත නොවන බවද මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා සඳහන් කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

බුදු දහම ප‍්‍රවර්ධනය Chat GPTට දෙනවා..- ජනපති

Shiran Viraj

පාසල් සිසුවිය දූෂණය කළ සැකකරුට වුණු දේ

Shiran Viraj

'එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ නව ව්‍යාපාර 225ක්

Shiran Viraj
Translate »