2026-09-03
mediahumanrights.lk
Local NewsNews

AH1N1 රෝගීන් 8 දෙනෙකු බිබිලෙන් හමුවේ

AH1N1 රෝගය වැළඳුණු බවට සැක කරන රෝගීන් 30 දෙනෙකු බිබිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් රෝගීන්ගෙන් 8 දෙනෙකුට AH1N1 රෝගය වැළඳුණු බවට තහවුරු වී ඇති බවත් එම රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා පවසයි. මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සුරංග ඔබේසේකර මහතා සඳහන් කළේ, ඔවුන් අතර ගර්භනී කාන්තාවන් දෙදෙනෙකු ද වන බවය. රෝහලේ විශේෂ වාට්ටුවක එම පිරිසට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර තිබේ.
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, එම තත්ත්වය සොයා බලා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කොළඹින් විශේෂඥ වෛද්‍යවරයෙකු යොමු කර ඇති බවය. එම වාට්ටුවට පිට අයට ඇතුළුවීම සීමා කර ඇත.

Related posts

රනිල් ආ පසු රුපියල ශක්තිමත් වෙයි.. ඩොලරය බහී..

Shiran Viraj

විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයි

Shiran Viraj

ජනාධිපති පත් වුනේ නොවැම්බරයේ.. මේ වනතුරු කිසිවක් කර නෑ.. කොරෝනා මඩින්නත් බැරි වුණා.. එනිසා ඡන්දෙන් අපි දිනනවා..

Shiran Viraj
Translate »