26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

කුරුණෑගල දුම්රිය රක්ෂිත ඉඩම දේශපාලන හිතවතෙකු අල්ලාගෙන

කුරුණෑගල දුම්රිය රක්ෂිත ඉඩම දේශපාලන හිතවතෙකු අල්ලාගෙන
කුරුණෑගල දුම්රිය ස්ථානයේ දුම්රිය රක්ෂිත ඉඩම දේශපාලන හිතවතෙකු විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගෙන සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
අදාළ පුද්ගලයා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක රථගාලක් පවත්වා ගෙන යන බවත් ඒ සඳහා මාසිකව රුපියල් 30,000 ක මුදලක් දෙපාර්තමේන්තුව විසින් අය කර ගන්නා බවද එම සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී.විතානගේ මහතා සඳහන් කළේය.
මේ හරහා පුද්ගලයා විසින් දෛනිකව විශාල අදායමක් උපයා ගන්නා බවත් රක්ෂිත භූමිය තුළ දුම්රිය අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය උපකරණ තැන්පත් කර තිබූ බවත් මේ නිසා එම කටයුතුවලට දැඩි බාධා සිදු වෙමින් පවතින බවද සම කැඳවුම්කරු වැඩිදුරටත් සඳහන් කළේය.

(under the courtesy of asianmirror news web)

Related posts

මා ඇමති වෙද්දි මාසික ආදායම කෝටි 40යි.. දැන් කෝටි 100යි..

Shiran Viraj

රාජ්‍ය බැංකු යළි මුදල් අමාත්‍යංශයට

Shiran Viraj

සාර්ථකව ඉදිරියට යන කොරෝනා මර්දනය කඩාකප්පල් කරන්න කුමන්ත‍්‍රණයක්..

Shiran Viraj
Translate »