mediahumanrights.lk
NewsPolitical

මෙහේ මිනිස්සුන්ට බලය තියෙන්නේ කාටද වැඩක් නැහැ! ගැටළු විසඳෙන්නයි ඕන

උතුරට සහ නැගෙනහිරට ස්වයං තීරණ අයිතිය ලබාදිය යුතු බවට විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් යෝජනා කරද්දි උතුරු පළාත් සභාවේ බලඅරගලය නැවත තිව‍්‍ර වී තිබෙනවා. එම පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී. සත්‍යලිංගම් ඊයේ (07) සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ඊට ආසන්නම උදාහරණයයි.
ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්ගෙන් දිගින් දිගටම තමන්ට කෙනෙහිලිකම් සිදුවන බව ඔහු කියාසිටියා. අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළේද ඒ නිසා බවයි ඔහු පැවසුවේ.
“චෝදනාවක් ආවා. ඒකට කමිටුවක් පත්කරල විභාග කළා. ඒ වාර්තාවෙන් කියල තියෙනව ඩොක්ටර් සත්‍යලිංගම් වරදක් කරල නැහැ කියල. එහෙම තිබියදීත් අපේ මහ ඇමති තුමා මාව ඉවත් කරන්න ඕනමයි කියල කියනවා. ඒ නිසා මගේ ඉල්ලා අස්වීම මම මගේ පක්ෂය වෙත දන්වල තියෙනව.“  ඔහු පළාත් සභාවට තරඟ කළේ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයෙන්.
මහජනතාවට වැදගත් වන්නේ බලය හොබන්නේ කවුරුන්ද යන්න නොව ඔවුන්ගේ ගැටලූවලට විසදුම් ලැබේද යන්න බවයි පී. සත්‍යලිංගම් මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ.
“මේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. අවුරුදු 30ක් යුද්ධෙ නිසා බැට කෑව. දැන් ආයෙ හිටපු තැන්වල පදිංචිවෙන්න බැරුව ගිහින් තියෙනව. ඉඩම් ප්‍රශ්න තියෙනව. සමහරුන්ගෙ පවුල්වල අය මැරිල. සමහරු හිරේ. ඒ තරම් ප්‍රහ්න තියෙද්දි මේ වගේ මොන පක්ෂයේ ඇමතිද කියන එකට මම විරුද්ධයි.“
තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුවද මහජන සේවයට තවදුරටත් කැපන බව පී. සත්‍යලිංගම් මෙහිදී පැවසුවා.
(under the courtesy of nethfm news web)

Related posts

මහපොල 2500කින් වැඩි කරයි..

Shiran Viraj

මහජනතාවට ඩෙංගුත් අනී දොස්තරලත් අනී – අද උදේ සිට රට පුරා හදිසි වෛද්‍ය වර්ජනයක්

Shiran Viraj

ලේ නෑකම සුදුසුකමක් නොවේ… ‘නිදි වගේ’ සිටීමෙන් පසු දිලිත් ජයවීර..

Shiran Viraj
Translate »