2026-08-20
mediahumanrights.lk
International NewsNews

සංක්‍රමණිකයන් 200 ක් මුහුදේ ගිලී මියගිය බවට තොරතුරු

ලිබියාවට ඔබ්බෙන් වූ මධ්‍යධරණී මුහුදු තීරයේදී සංක්‍රමණික යාත්‍රා අනතුරට ලක්වීමෙන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 200 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා.
ස්පාඤ්ඤ සහන සංවිධානයක් ප්‍රකාශ කළේ පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් ගමන් කළ හැකි පෙරලූණු බෝට්ටු දෙකක් තමන් නිරීක්ෂණය කළ බවයි.
මළ සිරුරු 5 ක් ද ඒ ආසන්නයේ තිබී හමුවූ බව ඉතාලි වෙරළාරක්ෂකයන් සනාථ කළා.
ස්පාඤ්ඤ සහන සංවිධානය වැඩිදුරටත් කියා සිටියේ පෙරලූණු යාත්‍රාවල ධාරිතාව සැලකිල්ලට ගත් විට සංක්‍රමණිකයන් 240 ක් පමණ මුහුදේ ගිලී මියයන්නට ඇතැයි සැක කෙරෙන බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

පොලිසියෙන් දැඩි ඉල්ලීමක්: මාර්ග පිළිසකර කරන ස්ථානවල සෙල්ෆි ගැනීමෙන් වළකින්න!

Shiran Viraj

ක්‍රිකට් ක්‍රීඩකයින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමේ වටිනාකම ජනපති පහදයි

Shiran Viraj

සිංහරාජෙ සද්ධන්තයින් රකින්න ජනපති අතට යෝජනාවලියක්

Shiran Viraj
Translate »