28 C
Colombo
2026-10-23
mediahumanrights.lk
Local NewsNews

2012 වසරේ වැලිකඩ ගැටුම ගැන තවත් විමර්ශනයක්

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබෙනවා.
ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ නිර්දේශ  අනුවයි.
හිටපු මහාධිකරණ විනිසුරු නිමල් නම්බුවසම්ගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව සකස් කළ වාර්තාව 2015 වසරේ ජුනි මාසයේදී අග්‍රාමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබුවා.
මියගිය පිිරිසට වන්දි ලබාදීම සඳහා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුකරන ලෙස අදාළ වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇත්තේ ඒ අනුවයි.
2012 වසරේ නොවැම්බර් මස 9 වනදා ඇති වූ මෙම ගැටුමෙන් බන්ධනාගාර රැදවියන් 27 දෙනෙකු මියගොස් හතලිස් දෙනෙකු තුවාල ලැබුවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා කමාන්ඩෝ භටයන් වැලිකඩ බන්ධනාගාරයේ එල් වාට්ටුව සහ චැපල් වාට්ටුව පරීක්ෂා කිරීමට යාමේදී මෙම ගැටුම හටගත් බවයි අනාවරණ වුණේ.
(under the courtesy of nethfm news web)

Related posts

ලිත්‍රො ගෑස් 100% ආසන්න දැවැන්ත මිල වැඩි කිරීමක.. සිලින්ඩරය 5175යි…

Shiran Viraj

හමුදාවේ සිටි දක්‍ෂතම වෙඩික්කරු 'නීරෝ වෙනුවෙන්' ගමක් – අම්මාට සුව පහසු නිවසක්

Shiran Viraj

අයිස් සමඟ යාත්‍රා කිරීම

Shiran Viraj
Translate »