2026-07-03
mediahumanrights.lk
Local NewsNews

2012 වසරේ වැලිකඩ ගැටුම ගැන තවත් විමර්ශනයක්

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබෙනවා.
ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ නිර්දේශ  අනුවයි.
හිටපු මහාධිකරණ විනිසුරු නිමල් නම්බුවසම්ගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව සකස් කළ වාර්තාව 2015 වසරේ ජුනි මාසයේදී අග්‍රාමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබුවා.
මියගිය පිිරිසට වන්දි ලබාදීම සඳහා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුකරන ලෙස අදාළ වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇත්තේ ඒ අනුවයි.
2012 වසරේ නොවැම්බර් මස 9 වනදා ඇති වූ මෙම ගැටුමෙන් බන්ධනාගාර රැදවියන් 27 දෙනෙකු මියගොස් හතලිස් දෙනෙකු තුවාල ලැබුවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා කමාන්ඩෝ භටයන් වැලිකඩ බන්ධනාගාරයේ එල් වාට්ටුව සහ චැපල් වාට්ටුව පරීක්ෂා කිරීමට යාමේදී මෙම ගැටුම හටගත් බවයි අනාවරණ වුණේ.
(under the courtesy of nethfm news web)

Related posts

ලංකාවේ කොරෝනා මැයි මුල උපරිමයට.. ඇමරිකාව, ඉතාලිය, එංගලන්තය වගේ බරපතල වෙයි..-

Shiran Viraj

සමන්තභද්‍රට එරෙහිව පියවර නොගත්තොත් විහාර වටලනවා- සමාජජාලයෙන් රතු එළියක්!

Shiran Viraj

11-12 නිවාඩුයි… සතියක දීර්ඝ නිවාඩුවක්..

Shiran Viraj
Translate »