31.1 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

වෛද්‍ය සැපයුම් අංශයේ අක්‍රමිකතාවක්-විමර්ශන අරඹයි

වෛද්‍ය  සැපයුම් අංශයේ සිදූවූ මූල්‍ය  අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
2010 සහ 2015 අතර කාලය තුළ පෞද්ගලික සමාගමකින් ඖෂධ මිලදී ගැනීමේ දී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදුකරන බව ජනාධිපති කොමිසම සඳහන් කළේය.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝණය කරමින් අදාළ කාලය තුළ ඖෂධ වර්ග 8700ක් මිලදී ගෙන ඇති අතර මේ තුළින් රජයට සිදුව ඇති පාඩුව රුපියල් දොළොස් කෝටි අනූ ලක්ෂයකට අධික බව වාර්තා වෙයි.
ඒ අනුව අදාළ විමර්ශනය සඳහා නොතීසි ලත් පාර්ශවය ලෙස වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂවරුන් , නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් සහ අදාළ පුද්ගලික ඖෂධ සමාගමේ මෙහෙයුම් කළමණාකාරවරයා ඇතුළු 13 දෙනෙකු අද(21) දිනයේ කොමිසම හමුවට කැඳවා ඇති බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළේය.
(under the courtesy of nethfm news web)

Related posts

වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වීම සඳහා ශිෂ්‍යයෙකුට තිබිය යුතු අවම සුදුසුකම මෙන්න

Shiran Viraj

එජාප පාක්‍ෂිකයෝ මරාවේශ වෙති..රනිල්ට යන්නැයි ගහ මරා ගනිති..පක්‍ෂ ලොක්කන් පන්නා දමති

Shiran Viraj

බ්‍රිතාන්‍යට ගැළවීමක් නැති වෙයි – තවත් ප්‍රහාරයක් එල්ල වෙලා

Shiran Viraj
Translate »