31.7 C
Colombo
2026-09-06
mediahumanrights.lk
Local NewsNews

වෛද්‍ය ශිෂ්‍යයෙකු සුදුවෑන් කල්ලියකින් පැහැර ගැනීමේ තැත වරදී

වෛද්‍ය ශිෂ්‍යයෙකු සුදුවෑන් කල්ලියකින් පැහැර ගැනීමේ තැත වරදී
විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානයේ පැවති සයිටම් විරෝධී වැඩ සටහනකට සම්බන්ධ වී පිටව යමින් සිටි සරසවි ශිෂ්‍ය නායකයකු පැහැර ගැනීමට සුදු වෑන් කල්ලියක් තැත් කරන ලද බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පවසයි.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය, දෙමාපිය සංගමය, වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ ආදී සයිටම් විරෝධී පිරිස් එකතු වී ඉදිරියේදී පැවැත්වීමට නියමිත සමුළුව සහ වැඩවර්ජනය ගැන විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානයේ පිහිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානයේ පැවති එම සාකච්ඡා වලට සහභාගී වී ආපසු යමින් සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීම සඳහා සුදු වෑන් රථයකින් පැමිණි සිවිල් ඇඳුමින් පැමිණි කණ්ඩායමක් උත්සාහ කළ බව හෙතෙම අවධාරණය කළේය.
ඉන් කෙටි වේලාවකට පසු පොලීසිය පැමිණි බවත් සියලු දෙනා මැදිහත් වී පැහැර ගෙන යාමට ඉඩ නොදුන් බවත් පොලීසිය පසුව පැමිණ පැහැදිළි කර ඇත්තේ නීත්‍යානුකූල අත්අඩංගුවට ගැනීමට පැමිණි බවත් ලාල් කාන්ත මහතා පැවසී ය.
පොලීසිය විධිමත්ව රාජකාරී නිල ඇදුමෙන් පැමිණ සාකච්ඡා කළ යුතුව තිබූ බවත් මෙය පරණ සංස්කෘතිය නැවත ඇතිවීමක්ද යන්න සැක සහිත බවත් මෙය ඒකාධිපති ආණ්ඩුවක ස්වරූපයට පත්වෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
(under the courtesy of asianmirror news web)

Related posts

අගමැති ඉවත්කළ හැකි ද – ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

Shiran Viraj

හොර බෙහෙත් ලොක්කාට පිස්සු.. අංගොඩට දමයි… කෙහෙලිය පූර්ණ අංගවිකල වෙන්න ආසන්නයි…

Shiran Viraj

GSPප්ලස් ලංකාවට ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක්

Shiran Viraj
Translate »