26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsPolitical

ඇමති ධූර ගන්න ඒකාබද්ධයේ අය සූදානම් – සන්ධානයේ මන්ත්‍රීවරු 95ම එක් වෙයි

ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් 18 දෙනෙකු ඉවත් වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අය ද එක් කරගෙන පක්ෂයේ මන්ත්‍රීවරුන් 95 දෙනා ලෙස ඒකරාශී වීම සඳහා විය හැකි බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනතාවගේ අපේක්ෂාව වන්නේ ද මෙම කණ්ඩායම් දෙක එක්වීම බව ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනාධිපති සමඟ සිටින කණ්ඩායමේ කිසිවකුත් ඔහු අපහසුතාවට පත්වන අයුරින් කටයුතු නොකරන බව කී ඉසුර දේවප්‍රිය මහතා ජනාධිපති වැනි ප්‍රජාතන්ත්‍රවාදී හා නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව දෙන නායකයෙකු ඔවුන්ව යළිත් හමු නොවන බව ද කීය.
එබැවින් ඉදිරි ජනාධිපතිවරණයේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයාම බව ද ඔහු පැවසීය.
ඇමතිකම් දෙන්නේ නම් ආණ්ඩුවට එක් වීමට කැමති හත් අට දෙනෙක් ඒකාබද්ධ විපක්ෂයේ සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
කිසිවෙකුට හෝ වරදාන වරප්‍රසාද දී තබා ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ නොකරන බව කී ඉසුර දේවප්‍රිය මහතා කැමති අයට යන්නට මෙන්ම එන්නට ද නිදහස තිබෙන බව සඳහන් කළේය.
ආණ්ඩුව තුළ ගැටුම් ඇති බව තමාද පිළි ගන්නා බව කී ප්‍රධාන අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂය තුලද මත ගැටුම් පවතින බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(under the courtesy of asianmirror news web)

Related posts

පුද්ගලික අංශයේ අවම සේවක වැටුපත් ඉහළට…

Shiran Viraj

ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කළ යුතු බව ජනපති කියයි

Shiran Viraj

එක පවුලක් මාස 30න් ශ‍්‍රී ලංකාව බංකොලොත් කල හැටි..- Bloomberg ලෝ පුරා කියයි.. වාර්තාව මෙන්න……

Shiran Viraj
Translate »