26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

විද්‍යා ඝාතනයට සැක පිට අැල්ලූ නියෝජ්‍ය පොලිස්පතිගේ වැඩ තහනම්

යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැණුනු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ සේවය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිසන් සභාව විසින්. අත්අඩංගුවට ගන්නා විට ලලිත් ජයසිංහ කටයුතු කළේ මධ්‍යම සහ ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. විද්‍යා දැරියගේ ඝාතනය සිදුවන වකවානුවේ දී ඔහු උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා.
විද්‍යා දැරිය ඝාතනය කර ඇත්තේ ඇය සමූහ දූෂණයකටද ලක්කිරීමෙන් පසුව බවයි විමර්ශනවලින් හෙලි වුණේ. ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන අලෙවි කිරීමේ අපේක්ෂාවෙන් මෙම සමූහ දූෂණය සිදු කර තිබුණා. සැකකරුවන්ට පලා යාම සඳහා ආධාර අනුබල ලබාදුන් බවටයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ චෝදනා ලබා සිටින්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

සීනි මිළ අඩු වුණාට බේකරි නිෂ්පාදනවල මිළ පහළ දාන්න බැරිලු

Shiran Viraj

නාමල්ගේ බිරිද දරුවා රටින් පිටවෙයි…

Shiran Viraj

යාපනයෙන් අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගයක් හමුවේ..

Shiran Viraj
Translate »