mediahumanrights.lk
Local NewsNews

වසරේ මේ දක්වා කාලය තුළ එච්.අයි.වී ආසාදිතයින් 130ක්

වසරේ මේ දක්වා කාලය තුළ එච්.අයි.වී ආසාදිතයින් 130ක් පමණ වාර්තා වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ  මේ වසරේදී එච්.අයි.වී පරීක්ෂණ ලක්ෂ 11ක් පමණ සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.
පසුගිය වසරේදී එච්.අයි.වී පරීක්ෂණ ලක්ෂ 10ක් පමණ සිදු කිරීමට හැකි වූ අතර එමඟින් ඒඩ්ස් රෝගීන් රැසක් හඳුනාගැනීමට හැකි වූ බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා කියා සිටියේය.
එමෙන්ම බන්ධනාගාර රැඳවියන් එච්.අයි.වී පරීක්ෂණවලට භාජනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

ඉන්දියා-චීන සබඳතාවල උණුසුම: සංචාරක වීසා නැවත ක්‍රියාත්මකයි

Shiran Viraj

අගමැතිට අගරදගුරුගේ දැඩි විරෝධය.. පාප් වහන්සේත් රවටා පාස්කු බෝම්බ සත්‍ය සගවනවා කියමින් මාධ්‍ය හමුවක්…

Shiran Viraj

බහුජාතික කෘෂි මාෆියාවට පදවියෙන් මරු පහරක් – සම්පූර්ණයෙන්ම කාබනික වගාවට යොමු වෙයි

Shiran Viraj
Translate »