2026-09-04
mediahumanrights.lk
Local NewsNews

වත්තල භීතියට පත් කළ මංකොල්ලයේ සැකකරුවන්ට වෙච්චදේ

රාගම බැසිලිකා විද්‍යාලය අසළ දී ඉකුත් 26 වනදා රුපියල් ලක්ෂ 77ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඒ, සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ දිසා බුද්ධි කොට්ඨාසය මගින් සිදු කළ විමර්ශන අනුවයි.
සැකකරුවන් මෙලෙස කොල්ලකා තිබුණේ වත්තල ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක සිට කඩවත ප්‍රදේශයට රැගෙන යමින් තිබූ මුදල් තොගයක්.
රෙදිපිළි ආයතනයේ සේවකයන් විසින් මෙම මුදල් වෑන් රථයකින් රැගෙන යද්දී වෙනත් වෑන් රථයක පැමිණි කොල්ලකරුවන් රාගම කඩවත මාර්ගයේ බැසිලිකා විද්‍යාලය ආසන්නයේදී මාර්ගය හරස්‌ කර හතර අතට වෙඩි තබා මුළු ප්‍රදේශයම භීතියට පත් කර මුදල් කොල්ලකනු ලැබුවා.
මෙම රෙදිපිළි ආයතනයේ වත්තල පිහිටි අනුබද්ධ ආයතනයකට අයත් මුදල් කඩවත ප්‍රධාන වෙළෙඳසල වෙත රැගෙන යමින් තිබියදී මෙසේ කොල්ලකා තිබුණා.
(under the courtesy of nethfm news web)

Related posts

පාකිස්තාන අන්තර්වාර අගමැතිවරයා තෝරා ගැනීම අද

Shiran Viraj

ප්‍රබල ඉන්දියානු ක්‍රීඩකයන් 5ට නිදහස් කුසලානය අහිමි වෙයි

Shiran Viraj

ෆවුසිට වසර දෙකක සිර දඬුවම් නියම කරයි..

Shiran Viraj
Translate »