30 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

දුම්වැටි තොගයක් රේගු බාරයට

රුපියල් 1,250,000 ක් වටිනා දුම්වැටි පෙට්ටි 125 ක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල රේගුව විසින් අද(10) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
KU 361 දරණ කුවේට් එයාර්වේස් ගුවන් යානයකින් අද අලුයම 2.10 ට පමණ මෙරටට ඇතුළු වී ඇති ව්‍යාපාරිකයෙකු විසින් එම දුම්වැටි තොගය ගෙන විත් ඇති බව රේගුව පවසයි.
රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.ආර්.මිහිර ප්‍රියරත්න මහතාගේ නියෝග මත අදාළ සැකකරුට රුපියල් 25,000 ක දඩ මුදලක් නියම කර මුදා හැර ඇති බව ගුවන් තොටුපල රේගුව කියා සිටියේය.
කෙසේ වෙතත් අදාළ දුම්වැටි තොගය රාජ සන්තක කර තිබේ.
රේගු අධිකාරී පී.ඒ.ගුණසේකර, ජී.රෙනගරාජ්, එම්.එම්.පී.ගුණතිලක සහ ජී.පී.රාජරත්න ක්‍රිෂාන්ත යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
(under the courtesy of adaderana news web)

Related posts

තවත් අයිපීඑල් ශතකයක් සමගින් සුපිරි ගේල්ගෙන් හයේ වැස්සක් – අමුතුම විදියටත් සමරලා – වීඩියෝව මෙන්න

Shiran Viraj

ලෝකයට නව නැගිටීමක් අවශ්‍යයි – ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ

Shiran Viraj

කොරෝනා මරණ යයි සමාජ ජාලවල බොරු දමන 29ක් පසුපස රහස් පොලිසිය..

Shiran Viraj
Translate »