mediahumanrights.lk
NewsPolitical

ගෝඨාභය​ වංචා සෙවීමේ විමර්ශන කොමිසමට එයි

හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණ තිබේ.
කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ අබලි යකඩ කපා ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් අවසර ලබා දුන් බවට ලබා දුන් ප්‍රකාශයක් සම්බන්ධ සිද්ධියකට අදාළව ඒ මහතා මෙහි පැමිණ ඇති බව වාර්තා වෙයි.
එනම් එම ප්‍රකාශය ජේ.පී (සාම විනිසුරු) කෙනෙක් ඉදිරිපිට සහතික කර ගැනීම සඳහා ඒ මහතා වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණ තිබේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණ තිබේ.
2014 වර්ෂයේදී අම්පාර ප්‍රදේශයේ ජල සම්පාදන ව්‍යාපෘතියක සිදු වූවා යැයි කියන දූෂණ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණ ඇති බව වාර්තා වෙයි.ෙ
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට සහය පළ කිරීම සඳහා වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණ ඇති බව සඳහන්ය.
(under the courtesy of adaderana news web)

Related posts

ලංගම සේවකයන්ට බෝනස් සහ දීමනා ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට පියවර

Shiran Viraj

අද ඉන්නේ ගිය ආණ්ඩු කාලෙ ගහපු රිලා පැටවු..

Shiran Viraj

රවී අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි

Shiran Viraj
Translate »