30 C
Colombo
2026-07-04
mediahumanrights.lk
NewsSportsSports News

උණ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම උඩුයටිකුරු වෙයි

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය අද (02) පැවැත්වෙනවා.
එ් ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදියි.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඊයේ (01) නිවේදනය කළේ උණ රෝගී තත්වයක් හේතුවෙන් ලසිත් මාලිංග අද තරගයට කී‍්‍රඩා නොකරන බවයි.
මේ අතර කුසල් මෙන්ඩිස්ගේ සහභාගිත්වයද අද තරගය සඳහා අවිනිශ්චිත වී තිබෙනවා.
ඔහුද වෛරස උණ රෝගයකින් පෙළෙන බවයි කි‍්‍රකට් ආයතනය පැවසුවේ. මතුව ඇති මෙම තත්ත්වය සලකා චාමර කපුගෙදර සහ සුරංග ලක්මාල් ශී‍්‍ර ලංකා එක්දින සංචිතයට කැඳවීමට තීරණය කර තිබෙනවා.
ලසිත් මාලිංග අද තරගයට කී‍්‍රඩා නොකළහොත් එ් වෙනුවට දුෂ්මන්ත චමීරට අවස්ථාවක් හිමිවනු ඇති. අමිල අපොන්සු වෙනුවට ලක්ෂාන් සඳකැන්ද අද තරගයට ක‍්‍රීඩා කරනු ඇතැයි වාර්තා වනවා.
ලක්ෂාන් සඳකැන් පළමු එක්දින තරගයට සහභාගි නොවූයේ ඔහුද වෛරස් උණ රෝගයකට ගොදුරු වීම හේතුවෙන්.
(under the courtesy of nethfm news web)

Related posts

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කරයි.

Shiran Viraj

අතීත මානවයින් ගැන දුෂ්කර ගමකින් සාක්ෂි හමුවෙයි (PHOTOS)

Shiran Viraj

හිට් විකට් වී දැවී යන්නැයි ජාතික පිලේ ක‍්‍රිකට් ක‍්‍රීඩයෙකුට මැණික් ව්‍යාපාරිකයෙක් කියලා.. ලොකු මුදලකට..

Shiran Viraj
Translate »